දින පහක් තිස්සේ අතුරුදහන් සිසුවාගේ මළ සිරුර ගල් ගුහාවක තිබි හමුවෙයි…

March 20, 2019 at 12:40 pm | lanka C news
දින පහක් තිස්සේ අතුරුදහන් සිසුවාගේ මළ සිරුර ගල් ගුහාවක තිබි හමුවෙයි…

දින පහක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි නිවසට ඉහලින් වු ගල් ගුහාවක් මත තිබි ඊයේ (19) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

ගල් ගුහාවේ තිබි මෙසේ සොයාගනු ලැබුවේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචි කාවින්ද මදුසංඛ නැමති 17 හැවිරිදි  සිසුවෙකි.

මාපකන්ද විදුහලේ අපොස සාපෙල පෙනි සිට ප්‍රතිපල අපෙක්ෂාවෙන් සිටි මෙම පාසල් සිසුවා දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ දෙමාපියන් විසින්  නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය මත ප්‍රදේශය පුරා මෙහෙයුමක්ද දියත් කර තිබුණි.

ඊයේ පස්වරුවේ නාවලපිටිය මාපකන්ද  ප්‍රදේශවාසින් ඔහු පදිංචිව සිටි  නිවසට ඉහලින් ගල් ගුහාවක් පරික්ෂා කිරිමේදි එම ගල් ගුහාව තුල අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමු වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවේය.

අභිරහස් ලෙස මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,429 Viewers
Main News