දින 04ක් පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අවසන්

June 19, 2018 at 2:09 am | lanka C news
දින 04ක් පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අවසන්

මුලතිව් දිස්ත්‍රීක්කයේ පෞද්ගලික බස් රථ හිමියන් විසින් සියලුම බස් රථ ධාවනයෙන් ඉවත්ව දින 04 ක් පුරාවට සිදු කල විරෝධතාව අවසන් කොට 18 සිට ධාවන කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට පෞද්ගලික බස් හිමියන් තීරණය කොට ඇත.

පසුගිය 14 වනදා මුලතිව් සියලුම පෞද්ගලික බස් හිමියන් සියලු ධාවන කටයුතු වලින් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කරමින් කියා සිටියේ මුලතිව් දිස්ත්‍රීක්කයේ ඇති බොහෝ බස් රථ වලට නියමිත කාල සටහනක් නොමැති අතරම මාර්ග බලපත්‍රද නොමැති අසාධාරණ අයුරින් දේශපාලන බලෑපෑම් සමගින් ධාවනය කරන නිසාවෙන් මුලතිව්හි නියම බලපත්‍ර ඇති කාලසටහනකට ධාවනය කෙරෙන බස් රථවලට දැඩි අසාධාරණයක් සිදුවන හෙයින් එම ක්‍රියාව වහාම නතර කර දෙන ලෙසට ඉල්ලමිනි.

කෙසේ වෙතත් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ අධීක්ෂණයන් පරිදි නියෝජිත පිරිසක් පැමිණ බස් හිමියන් සමග සාකච්ඡා කොට ඔවුන් පවසා ඇත්තේ අදාල ගැටලුව විසිඳීමට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසටයි.

එහිදී පෞද්ගලික බස් හිමියන් විසින් නියෝජිත පිරිසට පවසා ඇත්තේ තම ගැටලුව විසඳීමට සති දෙකක කාලයක් ලබා දීමට එකග වන බවටත් සති දෙකක කාලයකින් විසඳුමක් නොලැබුනහොත් උතුරු පලාත පුරාම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7 views
Main News