දින 05කින් රෝහල්වලින් කොරෝනා රෝගීන් නෑ.. එලූ දැලෙන් පමණයි.. කොරෝනා අපේ පාලනයේ.. මේ මාසයේ ඇදිරි නීතිය ඉවත් කල හැකියි..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහතික කරයි..

April 14, 2020 at 10:32 pm | lanka C news
දින 05කින් රෝහල්වලින් කොරෝනා රෝගීන් නෑ.. එලූ දැලෙන් පමණයි.. කොරෝනා අපේ පාලනයේ.. මේ මාසයේ ඇදිරි නීතිය ඉවත් කල හැකියි..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහතික කරයි..

පසුගිය දින 5ක කාලයක් පුරාම හමුවුණු කොරෝනා ආසාදිතයන් ඊට කලින් කොරෝනා ආසාදිතයන් සමීප ආශ්‍රය කළ දැනට නිරෝධායන කර සිටින පුද්ගලයන් බවත් එම කාලයේදී රෝහල්වලින් රෝගීන් වාර්තා නොවූ බවත්  වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මේ අනුව වෛරසය එක්තරා ආකාරයකට පාලනයක් ඇතිව තිබෙන බව මෙයින් පැහැදිලි වන බවද ඔහු සඳහන් කළේය.

නමුත් සාමාන්‍ය සමාජය තුළ ද තවත් රෝගීන් හඳුනානොගත් කිහිපදෙනෙකු සිටිය හැකි නමුත් ඔවුන් විශාල ප්‍රමාණයක් නොවන බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය මනා පාලනයක් සහිත බව සහතික වූ වහාම පවතින ඇඳිරි නීතිය ඉවත් කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවද ඔහු සදහන් කලේය.

මෙම සැලසුම මේ මාසය තුළදී ම ක්‍රියාත්මක කර කිරීමට හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ලෝකය පුරා සීග්‍රයෙන් පැතිරී යමින් තිබෙන නිසා ඕනෑම මොහොතක යළිත් ලංකාවට ඇතුළු වීමේ අවදානම සලකමින් ගුවන්තොටුපොළවල් ආදිය ඉතාමත් තද පාලනයක් යටතේ දිගු කාලයක් පවත්වාගෙන යා යුතු වනු ඇතැයිද ඔහු තව දුරටත් අවධාරණය කලේය.

376 views

22 Comments to “දින 05කින් රෝහල්වලින් කොරෝනා රෝගීන් නෑ.. එලූ දැලෙන් පමණයි.. කොරෝනා අපේ පාලනයේ.. මේ මාසයේ ඇදිරි නීතිය ඉවත් කල හැකියි..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහතික කරයි..”

  1. Michele kjøp 2020 fotballdrakter og supporterutstyr,
    footballdrakter/landslagsdrakt hjemmedraktsett/bortedraktsett/tredjedraktsett 2020 på nett nye fotballdrakter, billige footballdrakter Darel

Main News