දින 08ට ආසාදිතයන් 1150යි.. කොළඹ කොරෝනාවට ලොකුවටම සූදානම් වෙයි.. ගොඩනැගිලි 35ක් නිරෝධායනයට සූදානම් කරයි..

October 30, 2020 at 3:50 pm | lanka C news
දින 08ට ආසාදිතයන් 1150යි.. කොළඹ කොරෝනාවට ලොකුවටම සූදානම් වෙයි.. ගොඩනැගිලි 35ක් නිරෝධායනයට සූදානම් කරයි..

කොළඹ නගර සීමාවේ වෛරස ව්‍යාප්තියත් සමඟ කොළඹ නගර සභාව සතු ගොඩනැගිලි 35ක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට තීරණය කර තිබේ.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරන්නේ නගර සභාව යටතේ ඇති වෛද්‍ය සායන සහ ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිලි මේ ආකාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කරන බවයි.

දැනටමත් මේ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් පවසන ඇය ඊට අවශ්‍ය අරමුදල් පවා වෙන් කර ඇතැයි ද කියා සිටියාය.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට ආහාර බෙදාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇතැයි නගරාධිපතිනිය සඳහන් කළාය.

ඇය තව දුරටත් සඳහන් කරන්නේ මහ නගර සභා සීමාව තුළ දින අටක කාලයක් ඇතුළත පුද්ගලයන් 1150 ආසාදිතයන් යයි තහවුරු කරගත් බවයි.

74,489 views

5 Comments to “දින 08ට ආසාදිතයන් 1150යි.. කොළඹ කොරෝනාවට ලොකුවටම සූදානම් වෙයි.. ගොඩනැගිලි 35ක් නිරෝධායනයට සූදානම් කරයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    ආරක්ෂාව උපරිමෙන්ම ලබාදෙන්න. කුඩ්ඩන් පැනයන්න පුළුවනි..

    • 🤣🤣🤣😄😄😄 says:

      ඒක කරපු එකා තමයි කොහොමද පනින්නේ කියලා දන්නේ .කාන්තාර පළඟැටියා🤣🤣.

  2. පොට්ටුවේ පඩි තකයා says:

    ඕන මඟුලක්. ලෝකෙට පේන්න පඩ ශෝ දැම්මට කම ක් නැහැ. නාහයයි කටයි ඇරන් ගිහින් රෙන්න පුළුවන් ලැට් පහසුකම් ලෑස්ති කරන්න. වුහාන් වලත් වැඩිපුර බෝ උනේ ලැට් වලින්. අන්තිමට ගෙදර මැරෙන එක හොඳයි මේ නිරෝධායන අම්බලන් වල රිංගනවා ට වඩා.

  3. Dubba says:

    කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හරියටම හරි.

    ලෙල්ලට හිර වුනාට පස්සේ “පස්ස කැඩුණු කඩි” උනාට වැඩක් නැහැ.

  4. කොළඹ බයියා says:

    බොහොම හොඳයි. ඉක්මනින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න. බදු මුදල් මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට යොදවා ගන්න.

Main News