දින 100 වැඩපිලිවෙල හදන්න මෛත‍්‍රීත් එක්වුණා.. වාක්‍යයෙන් වාක්‍ය සාකච්චා කලා..- ජයම්පති වික‍්‍රමරත්න

June 1, 2018 at 3:00 pm | lanka C news
දින 100 වැඩපිලිවෙල හදන්න මෛත‍්‍රීත් එක්වුණා.. වාක්‍යයෙන් වාක්‍ය සාකච්චා කලා..- ජයම්පති වික‍්‍රමරත්න

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක පාර්ශ්වය ඉදිරිපත්කළ දින 100 වැඩපිළිවෙළ පොදු අපේක්ෂක කණ්ඩායම එක්ව සකස්කළ එකක් බවත්, එය තනි පුද්ගලයෙකු විසින් සකස් කරන ලද ලියවිල්ලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පුවත්පතට පැවසීය.

දින 100 වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ඒ පිළිබඳ සාකච්ඡාකළ අවසන් සාකච්ඡාවට පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාද සහභාගි වූ බවත්, එම වැඩපිළිවෙළ වාක්‍යයෙන් වාක්‍යය සාකච්ඡා කළ බවත් ජයම්පති වික්‍රමරත්න මහතා කීවේය.

අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය පැවැති පෙරේදා(30දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු මේබව කීය.

පොදු අපේක්ෂකයා තෝරාගැනීමටත් පෙර සිටම දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහසක් පැවැති අතර, එය මුලින්ම ඉදිරිපත් කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.

මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු පිරිස ඉදිරිපත්කළ එම වැඩපිළිවෙළ 180ක වැඩපිළිවෙළක් වූ බවත්, පසුව එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව අනුව එය දින 100 දක්වා අඩුකළ බවත් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

– ada

49 views

8 Comments to “දින 100 වැඩපිලිවෙල හදන්න මෛත‍්‍රීත් එක්වුණා.. වාක්‍යයෙන් වාක්‍ය සාකච්චා කලා..- ජයම්පති වික‍්‍රමරත්න”

  1. පොඩි එකා says:

    හරි ඉතින්.. ඡනාධිපතිතුමා කියන්න ඇත්තේ එයත් එක්ක සාකච්ඡා කරලා හදපු දින 100 ගැන නෙවෙයි…මෝඩ රැලක් හදපු දින 100 වැඩ සටහන ගැන… ඒකනේ කෙලින්ම කිව්වේ එතුමා දන්නේ නෑ.. ඒක මහ මෝඩ වැඩක් කියලා… ඔය ටික තේරුම් ගන්න අධි නීතීඥවරයෙකුටවත් බැරි නං ඉතින් අපිට කරන්න දෙයක් නෑ..

    • Asoka says:

      Sudhanthika kiyapu eka hariyata hari, mun adhi-neethin-nayo welaay thiyennay kishima deyak dannay nathuwa. Dr. Marvyn Rilawa munta wadiya neethiya gana dannawaa

  2. Niru says:

    It’s time that one of you commit suicide. Or both for country’s sake

  3. Puransisku says:

    We have no reason to disbelieve President’s Counsel DR. Wickramaratne. Throughout his life he spoke truth. With respect to His Excelency The H. E. President’s statement is not worth for a serious politician to made in public.

  4. චන්ද්‍ර says:

    කරුණු කෙසේ වෙතත් මේ හොර ගල් අහුලන බක පන්ඩිතයා බොර දියේ මාලු බාන්න සැරසෙන වගයි.

  5. දේශාභිමානී දේශ හිතෛශියා says:

    දින 180 වැඩපිලිවෙල…ප්රධාන අරමුනම හොදට වුනා..රටේ විනාශයට හේතු වුන ඔය ලබ්බ යෝජනා කල සෝබිතයම වැලිගම් යැවීම..අද රටට වෙච්ච වින්නැහිය දකිද්දී හිතෙනවා ඒ යකාට ⁣දෛවයම දඩුවම් දුන්නා කියලා…ජයම්පතියත් අලුත් පරපුරත් පුරවැසි බලයත් වික්රමබාහුවත් දෛවයේ සරදමට අසුවිය යුතුමයි කාගෙත් ඇස්පනා පිටම…

  6. Sanka says:

    ආං ඒකයි………. ඒ ඌනාට දැන් බැහැලා කියන්නේ

    2015 ජනවාරි ඉන්දලම නගින්නේ නෑලු

  7. 100 පනහ වෙනවා ජයම්පතියෝ..,.. says:

    100 පනහ වෙනවා ආචාරියාගේ ජයම්පතියෝ..,.උබලගේ මොලේ…බෙරේ අලෙ දාල හෝදා ගනියව්. රට කන්නේ නැතුව.

Main News