‘දින 100’ වැඩපිළිවෙළ මං දන්නේ නෑ කියලා මං කිවුවෙ නෑ.. කීවේ එය හැදු කෙනා නොදන්නා බවයි…- ජනාධිපති

June 10, 2018 at 10:00 am | lanka C news
‘දින 100’ වැඩපිළිවෙළ මං දන්නේ නෑ කියලා මං කිවුවෙ නෑ.. කීවේ එය හැදු කෙනා නොදන්නා බවයි…- ජනාධිපති

සෝභිත හිමියන්ගේ ගුණ සමරු උලෙලේදී තමන් සදහමන් කලේ දින 100 වැඩපිලවෙල තමන් නොදන්නා බව නොව එය හැදුවේ කවුදැයි නොදන්න බව යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තම විරුද්දවාදීන් විසින් එය විකෘති කර ප‍්‍රචාරය කරමින් ඇති බව ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සති අන්ත දිවයින පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී පල කර ඇති අදහස් මෙසේය.

‘දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක්‌ පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා.

මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය භාරගත් නිසා තමයි, දින සියයේ වැඩපිළිවෙළේ බොහෝ දේවල් කරන්න පුළුවන් වුණේ. මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ කියලා නෙමේ… මේක හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියලයි. ඒත් මගේ දේශපාලන විරුද්ධවාදීන්, ඇතැම් වෙලාවට මාධ්‍ය මේක සම්පූර්ණ විකෘති කරලා මේක මම දන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ප්‍රචාරය කළා. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියන එකයි.

අපි ඒක ක්‍රියාත්මක කළා. ඇත්තටම ක්‍රියාත්මක කරන්න තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක්‌ ප්‍රශ්න නැහැ. අලූත් පක්‌ෂ හැදෙන්නෙත් නැහැ’

– divaina

50 views

22 Comments to “‘දින 100’ වැඩපිළිවෙළ මං දන්නේ නෑ කියලා මං කිවුවෙ නෑ.. කීවේ එය හැදු කෙනා නොදන්නා බවයි…- ජනාධිපති”

  1. චේතියසේන says:

    මෙයයි අගමැතියි හරියට රයිගොමයයි ගම්පොලයයි වගේ!
    අනිත් ආඬි හැත්තෑහත් දෙනත් එක්ක රට කා දමා රට වැසියාට අපහාසත් කරනව!

  2. මොලේ තියෙන හෝඩියෙ පංතියේ පොඩි එකෙකුටත් ඔය කියපු යටිම්ගුල තේරෙනවා හිටං??

  3. Nandasoma Suriyaarachchi says:

    අශ්වයෙක් සහ බූරුවෙක් එකතු වූ කල කොටළුවෙක් බිහිවේ. නූතන ශ්‍රී ලංකා යූ.ඇන්.පී යහ පලන අණ්ඩුවත් කොටළුවෙකි.

    දැන් දුක් වෙනවා එදා ආන්ඩුව විසුරුවා ඡන්දයක් තිවුව නම් මහින්ද මහත්තය අභියෝගයක් වෙන්නෙ නැහැ රටේ වාසනාවට එහෙම වුනේ දැන් මහින්ද මහත්තයට පුලුවන් නැවතත් රට ගොඩනගන්න

    රනිල්ට අගමැතිකම දීල විකාර කලේ නැත්නම්, කියාපු විදියටම යහපාලනයක් ගෙනල්ල ජනතාවගේ ප්‍රශ්ණ වලටත් කිසියම් සාධාරණ විසඳුමක් දුන්න නම්, මහින්ද මහත්තයට නැවතත් එන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ….

  4. Kalan says:

    Nobody talks, nobody care ?

    Over 300 patients are currently receiving treatment at hospitals in the Southern Province. Around 19 people
    have lost their lives to the virus thus far. The deceased include 14 children.

    Everyone don’t value lives and future generation. Innocent kids are dying day by day.

    https://www.newsfirst.lk/2018/06/influenza-a-on-the-decline/

  5. ගන්ජ බන්ඩා says:

    දෙය්යෝ සාක්කී! ජනාධිපති හිටං සිරා නන්නත්තාර වෙලා

  6. vishnu says:

    වැඩ පිළිවෙල දන්නවනම් කැමති උනානම්
    පොත ලියපු එකා මොන මගුලකටද ඉතියෝපියාවේ
    නායකයාගෙන් වත් ඉගෙනගන්

  7. daminda says:

    waga keema saha waga weema…

Main News