‘දින 100’ වැඩපිළිවෙළ මං දන්නේ නෑ කියලා මං කිවුවෙ නෑ.. කීවේ එය හැදු කෙනා නොදන්නා බවයි…- ජනාධිපති

June 10, 2018 at 10:00 am | lanka C news
‘දින 100’ වැඩපිළිවෙළ මං දන්නේ නෑ කියලා මං කිවුවෙ නෑ.. කීවේ එය හැදු කෙනා නොදන්නා බවයි…- ජනාධිපති

සෝභිත හිමියන්ගේ ගුණ සමරු උලෙලේදී තමන් සදහමන් කලේ දින 100 වැඩපිලවෙල තමන් නොදන්නා බව නොව එය හැදුවේ කවුදැයි නොදන්න බව යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තම විරුද්දවාදීන් විසින් එය විකෘති කර ප‍්‍රචාරය කරමින් ඇති බව ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සති අන්ත දිවයින පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී පල කර ඇති අදහස් මෙසේය.

‘දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක්‌ පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා.

මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය භාරගත් නිසා තමයි, දින සියයේ වැඩපිළිවෙළේ බොහෝ දේවල් කරන්න පුළුවන් වුණේ. මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ කියලා නෙමේ… මේක හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියලයි. ඒත් මගේ දේශපාලන විරුද්ධවාදීන්, ඇතැම් වෙලාවට මාධ්‍ය මේක සම්පූර්ණ විකෘති කරලා මේක මම දන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ප්‍රචාරය කළා. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියන එකයි.

අපි ඒක ක්‍රියාත්මක කළා. ඇත්තටම ක්‍රියාත්මක කරන්න තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක්‌ ප්‍රශ්න නැහැ. අලූත් පක්‌ෂ හැදෙන්නෙත් නැහැ’

– divaina

319 views

22 Comments to “‘දින 100’ වැඩපිළිවෙළ මං දන්නේ නෑ කියලා මං කිවුවෙ නෑ.. කීවේ එය හැදු කෙනා නොදන්නා බවයි…- ජනාධිපති”

  1. Champa Kumari says:

    true

    • Lapaya says:

      Ture….Palleha thiyana kadu parada champa.

      • "සිරා-ආප්පය" says:

        මොන කරුමයක්ද අනෙ මම කර ගත්තේ
        කල විපාකෙ තරම මම විතර දැන ගත්තේ
        විඳවන මනස අාප්පයට රටම දැන ගත්තේ
        ඉල්ලන් කෑම මගේ මුලු පවුලම දැන ගත්තේ

        • ගමයා says:

          අද : “ඇත්තටම ක්‍රියාත්මක කරන්න තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක්‌ ප්‍රශ්න නැහැ.”

          හෙට : “ඇත්තටම මම ජනාධිපති වෙන්න නෙවෙයි තිබ්බේ ඒක නෙමෙයි හරිනම්. මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් මට එක කරන්න බැහැ කියල ගෙදර යන්නයි තිබුණේ. එහෙම කළා නම් මේ තියෙන ගොඩක්‌ ප්‍රශ්න නැහැ.”

    • fass says:

      True newei Champa, thooo…thooo nodakin

  2. asela says:

    A fool is always a fool. Right throughout you have been acting as the biggest fool in the history of SL and you still continue with it.

  3. Saman Lakmal says:

    What MY3 says is correct. We respect you Sir ! Be away from RW the biggest thief. Join hands with MR and take this country forward.

  4. ඇත්ත says:

    යහපාලන සංහිඳියා නඩයට අලුත් පක්ෂය ඇනයක් වී ඇතිබව ජනාධිපති තුමා වටහාගෙන ඇත.

  5. Nalaka says:

    එහෙම කීම නිවැරදි නැහැ…ජනාධිපති විතරක් අවංකවුණාට වැඩක් නෑ…..පාර්ලිමේන්තුව අවංක නෑ…

  6. නුවන් says:

    ඒක හරි. එදා චන්දය තියුවානම් එජාප ආන්ඩුවක් පිහිටුවන්න තිබුනා. හැබැය් 2/3 ලැබෙන්නේ නෑ. 2/3 හදාගෙන පක්ශ දෙකම එකතුකරගෙන ජාතික ආන්ඩුව හදන්නත් තිබුනා. නමුත් රනිල්ට හදිස්සි උනේ විදායක බලය ඩැහැගන්න. සිරා එලවල බලය තහවුරු කරගන්න. නමුත් එහෙම උනොත් තමන් ඇතුලු slfp එකට යන එන මන් නැතිබ වෙනවා.

  7. chandapala says:

    මං දන්නේ නෑ , මට මතක නෑ .?????????????

  8. Mahasona says:

    අශ්වයෙක් සහ බූරුවෙක් එකතු වූ කල කොටළුවෙක් බිහිවේ. නූතන ශ්‍රී ලංකා යූ.ඇන්.පී යහ පලන අණ්ඩුවත් කොටළුවෙකි.

  9. ධනපාල says:

    දැන් දුක් වෙනවා එදා ආන්ඩුව විසුරුවා ඡන්දයක් තිවුව නම් මහින්ද මහත්තය අභියෝගයක් වෙන්නෙ නැහැ රටේ වාසනාවට එහෙම වුනේ දැන් මහින්ද මහත්තයට පුලුවන් නැවතත් රට ගොඩනගන්න

  10. Gadol says:

    ලක්ෂ 62ක් හිටන්ට චන්දය දුන්න අයට දැනගන්න

    http://www.instantlooper.com/video/?id=OEfRB4tiltQ

Main News