දින 20කට පසුත් කොරෝනා මතුවෙයි.. නිරෝධායනය දින 28ත් අනිවාර්ය කරයි..

April 9, 2020 at 6:32 am | lanka C news
දින 20කට පසුත් කොරෝනා මතුවෙයි.. නිරෝධායනය දින 28ත් අනිවාර්ය කරයි..

කොරෝනා වෛරසය ශරීරයට ඇතුළු වූ පසු රෝග ලක්ෂණ මතු වීමට දින 10 පමණ කාලයක් ගත වුවද ඇතැම් පුද්ගලයන්ට දින 20කට පසුද එම ලක්ෂණ මතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

එනිසා නිරෝධායන කරනු ලබන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයකද තවත් දින දාහතරක් නිවසේදීද ස්වයං නිරෝධයට ලක්වීම අනිවාර්ය කරන ඇතැයිද ඇය පැවසුවාය.

නිරෝධාන මධ්‍යස්ථානයකින් නිරෝධාන සහතිකය ලබා දී පිටත් කර යවන සෑම පුද්ගලයෙකුම තවත් සති දෙකක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වන්නැයි නියම කරන බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව සැක සහිත ඕනෑම පුද්ගලයෙකු අනිවාර්යෙන්ම දින 28ක් නිරෝධායනයක් විය යුතු බවද ඇය කියා සිටියාය.

31,979 Viewers

4 Comments to “දින 20කට පසුත් කොරෝනා මතුවෙයි.. නිරෝධායනය දින 28ත් අනිවාර්ය කරයි..”

  1. Osera says:

    බටහිර විද්‍යාව රෙද්ද පල්ලෙන් බේරේ….!

    • vishnu says:

      එකෙක් අහුවෙන්න ඕන නිරෝදයනයෙන්
      දවස් 60කට පස්සෙ

  2. sedu says:

    එහෙමද නැත්නම්, නිරෝධන කරන තන්වලින්ම බෝ වෙනවද දන්නේ නැහැ. එනිසා පොඩ්ඩක් සොයා බැලුවොත් නරකද? අනිත් එක නිරෝධානයේදී මේ හැම කෙනෙක්වම කීප පාරක් test කරනවා ඇති කියලා මං හිතනවා..

  3. Kumara says:

    thawama mema rogayee lakshana hadunagena natha. samaharunta mema rogaya mathuwimata sath 4k nowa sathi 6-7 gatha wiya hakiya. a nisaa saka sahiahitha/ niradayanaya karana samooma test kalayuthu we.

Main News