දින 20කින් බාහිර සමාජයෙන් කොරෝනා කිසිවෙකු නෑ.. ලංකාවේ කොරෝනා පාලනයේ..

May 21, 2020 at 12:00 pm | lanka C news
දින 20කින් බාහිර සමාජයෙන් කොරෝනා කිසිවෙකු නෑ.. ලංකාවේ කොරෝනා පාලනයේ..

ගෙවී ගිය දින 20 ක කාලයේදී මෙරට බාහිර සමාජය තුල කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

නමුත් මෙතෙක් අනුගමනය කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයන්ගෙන් කොරෝනා පරීක්ෂණ සිදු කළ ද ඒ කිසිවකින් ආසාදිතයන් හමුවූ නැති බවද ඇය පැවසුවාය.

204 views
Main News