දින 5කින් රජය රුපියල් කෝටි 110ක් විනාශ කරලා.. පොලියත් නොදැන චීන බැංකුවකින් ඩොලර් බිලියනයක ණයක් අරන්.. අර්ථිකය තවත් ප්රපාතයේ..
October 23, 2018 at 6:28 am | lanka C news
දින 5කින් වර්තමාන රජය රුපියල් කෝටි 110ක් විනාශ කරපු හැටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙයි.
විදේශ විනිම නිශ්චිත කාල සීමාවක ණයක් (foreign currency term financing facility) හරහා, චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,000ක ණය මුදලක් 2018 ඔක්තෝබර් 17 වැනිදා රජයට ලබාගන්නට හැකිවූ බව මහ බැංකුව ඉතා ආඩම්බරයෙන් නිවේදනයක් නිකුත් කළේය.
එම ණය සඳහා පොලි අනුපාතය නිශ්චිතව සඳහන් නොකර තිබූ අතර, එම අනුපාතය දන්වා තිබුණේ ඇමෙරිකානු ඩොලර් Libor මාස 6 අනුපාතයට “සම්බන්ධ” (linked) බව පමණකි.
එම ප්රකාශනයේම මහ බැංකුව තව දුරටත් කියා සිටියේ විදේශ විනිමය එලෙස රට තුළට ගලා ඒම නිසා, රටේ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000 කින් වැඩිවූ බවය.
මෙකී ප්රකාශනය කිරීමට මූලික හේතුව, ආයෝජකයන් අතර විශ්වාසය ගොඩ නැංවීම හරහා රුපියලේ අගය රැක ගැනීම යයි නිගමන කල හැකි වුවද, ඔක්තෝබර් 17 වැනිදා මෙම නිවේදනයෙන් පසුව, එදින උදෑසන පැවති ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගයවූ 172.28, ඔක්තෝබර් 22 වැනි දා වන විට 173.38 දක්වා අවප්රමාණය වී ඇත.
මෙයින් පෙනී යන්නේ, රජය ගෙන ඇති මෙම විදේශීය ණය වන ඇ.ඩො. මිලියන 1,000 සඳහා පමණක්, පසුගිය බදාදා සිට අද දක්වා දින 5තුළ, ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප්රමාණය, රු. කෝටි 110 කින් වැඩි වී ඇති බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් පෙන්වා දී ඇත
රුපියල දරුණු ලෙස කඩා වැටෙමින් පවතින මෙවැනි කාලයකදී, ශ්රී ලංකා ආර්ථිකය මෙලෙස ප්රපාතයට හෙළන මෙවැනි තීරණ සඳහා වගකීම ගන්නේ කවුරුන් යන්නද ඔහු ප්රශ්න කරයි.
ඔක්කොම එකතුවෙලා නය ගන්නවා. ඒට පස්සෙ ඉතින් ජනතාවට තමයි ඕවා ගෙවන්නත් වෙන්නේ.
චන්දයෙන් පැරදී පාර්ලිමේන්තු ගිය පිම්පියන් සහ ජාතික ආණ්ඩුව නඩත්තු කරන්න මේ සල්ලි යන්නෙ…
පාර්ලිමෙින්තුවෙ ‘යහපාලනය’ ආණ්ඩුවෙ අය-වැයට සහ උන් ගෙනෙන පනත් වලට පක්ෂව අත උස්සන සියල්ලන්ම ඊලඟ මැතිවරයේදී පරාජය කිරීමට ජනතාව වග බලා ගත යුතුය්. ඉන් පසු නව පනතකින් උන්ගෙ පැන්ෂන් නැති කර හොර රැලම හිරේ දැමිය යතුය්.
පරාජ කරලා ඇති වැඩේ මොකක්ද? ගිය චන්දෙන් පරාද කරපු උන් ඔක්කොම දැන් ඇතුලේ… ලයිස්තුවෙන් පැරදිච්ච උන්ව අරතුලට ගත්තු මෛත්රීත් කියනවා හරි අය පාර්ලිමේන්තුවට යවන්න මිනිස්සු දැනගන්න ඕනලු.. කුජීත එවුන්අ ටිකකට නාම යෝජනා දීලා, උන්පේගෙන් පරාද කරපු උන්වත් ආයෙ ගන්නවා.. කොටහද ජනතා පරමාදිපත්යය ????? නොදෝමකින් මෙහෙම දේශපාලකයෝ…
sapada !!!!!!!!!!!!!!!! Mung anagatha parapura ugas thiyanawa.
Mung salli walin waja benawa…. maha janaya duk vidinawa.