දින 52 අගමැති කාලයේදී මහින්ද කෝටි 400ක් පගා ගහලා..- රාජිත

January 21, 2019 at 3:26 am | lanka C news
දින 52 අගමැති කාලයේදී මහින්ද කෝටි 400ක් පගා ගහලා..- රාජිත

දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුල ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදි කළ හයවන ඖෂධ හා සුවඳවිලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම ආරම්භ කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.

දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල

රුපියල් බිලියන 2.5 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450 කට මෙමගින් රුකියා හිමි වෙයි. ඖෂධ, ඖෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ යුරෝපා සංගමයේ ඖෂධ කර්මාන්ත ශාලා ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ වත්මන් රජය බිහිවීමෙන් පසුවයි. අද ලංකාවේ 06 වන ඖෂධ කර්මාන්ත ශාලාව විවෘත කරනවා. දේශීය ව්‍යාපාරක සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදනය කරන ඖෂධ විදේශීය වෙළෙඳපොලටත් යොමු කිරිමට බලාපොරොත්තු වෙනවා. 2019 වර්ෂය අවසන් වන විට තවත් ඖෂධ කර්මාන්ත ශාලා 03 ක් විවෘත කිරීමට නියමිතයි. සමට අවශ්‍ය ක්‍රීම් වර්ග, ඖෂධ වර්ග, මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරනවා.

ලංකාවේ රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 80 ක් මිය යන්නේ බෝනොවන රෝග හේතුවෙන්. ඇතැම් රෝග පාලනය කිරීමට හැකි වුවත්, එච්.අයි.වී සහ ඩෙංගු රෝගය පාලනය කිරීමට තිබෙනවා. දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදීමේ දී එච්.අයි.වී රෝගය ශ්‍රී ලංකාවේ පාලනය කර තිබෙනවා. 2017 වසරේ දී ඩෙංගු රෝගීන් උත්සන්න වුවද එය පාලනය කිරීමට අපි ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කළා. දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මීට දශකයකට පමණ පෙර වර්තා වූ සඛ්‍යාවට වඩා අද වැඩි වී තිබෙනවා. පුද්ගලයින් 10 කගෙන් 08 ක් මිය යන්නේ දියවැඩියා රෝගයෙන්. එම තත්ත්වය පාලනය කිරීමට දැවැන්ත ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”

“දුම්බීම අවම කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10 න් 09 ක්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්වැටි සදහා සියයට 90 ක බදු පැනවීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. මම සාකච්ඡා මාර්ගයෙන් විසදීමට පියවර ගත්තා. පෞද්ගලික අංශය සමග අමනාපයක් නැහැ. නමුත් පෞද්ගලික අංශයෙන් දුප්පත් ජනතාවට අගතියක් වෙනවා නම් ඊට විරුද්ධව නැගී සිටිනවා. දුම්වැටි භාවිතය අවම කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් භාවිතයෙන් ඉවත් වී තිබෙනවා. නමුත් රට තුල මතයක් ඇති කරනවා දුම්වැටි වෙනුවට බීඩි භාවිතය වැඩි වී තිබෙනවා කියලා. එය බොරුවක්. නිකොටින් වලට ඇබ්බැහි වූ අයට බීඩි භාවිතා කරලා එම සන්තර්පනය ලබා ගන්න බැහැ.

බීඩි වල වැඩිවීමක් නැහැ. නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙනවා නම් රජය, පොලීසිය, ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව එය පාලනය කිරිමට පියවර ගත යුතුයි. දුම්කොළ සමාගම් විසින් තමයි නීති විරෝධි සිගරට් ලංකාවට ගෙනඒමට කටයුතු කරන්නේ. ඉන් පසු දුම්කොළ සමාගම ම ඔත්තුව ලබාදෙනවා. රට තුල ජනමතයක් ඇති කරනවා නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙලා කියලා.

මහා භාණ්ඩාරයේ සිටින ඇතැම් නිලධාරින් ද දුම්කොළ සමාගම වෙනුවෙන් අදහස් දක්වනවා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ආරම්භ කළෞ ජනතාව දියවැඩියාවෙන් ආරක්ෂා කිරීමටයි. ඊටත් බලපෑම් එල් වුනා. නමුත් බලපෑම් වලට යටත් නොවී එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. දින 52 ක දේශපාලන අර්බුදය සමයේ පැණිබීම සදහා පනවා තිබූ බදු ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ ඊනියා අග්‍රාමාත්‍යවරයාට සහනයක් ලැබෙන පරිදි. වාර්තා වන පරිදි රුපියල් බිලියන 04 ක මුදලක් පැණිබීම සමාගම් වලින් ලබාගෙන තිබෙනවා.

නමුත් මම යළී සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු පැණිබීම බද්ද ක්‍රියාත්මක කළා. මෙහෙම තමයි දේශපාලන තීන්දු ගන්නේ. ඉදිරියට බලයට ආවොත් එවැනි තීන්දු තීරණ ගනියි. මැතිවරණ ජය පතා මුදල් ලබාගන්නවා. මටත් එහෙම මුදල් හම්බකරන්න තිබුනා. ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. එම නිසා ඖෂධ පරිහරණය වැඩි වී තිබෙනවා. ගුණාත්මක ඖෂධ භාවිතය වැඩි වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජාත්‍යන්තර මට්ටමේ පවතින ඖෂධ වලට ඖෂධ ලබා දෙනවා. රජයක් ලෙස ඖෂධ සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ ජාත්‍යන්තර වෙළෙද පොලට යොමු කිරීමට අවශ්‍ය සියළුම සහයෝගය ලබාදෙනවා.”

– ප්‍රසන්න අධිකාරි

16,649 Viewers

17 Comments to “දින 52 අගමැති කාලයේදී මහින්ද කෝටි 400ක් පගා ගහලා..- රාජිත”

  1. Janathawa says:

    AMMAPA?
    DHAWALDHA?

    • පබුලිනා says:

      මහින්ද පිට දාලා මූ හොරකම් කරන්න යන ගාන තමයි ඔය කියන්නෙ. මූට වැහි නැති හෙන වැදෙයි. මේ ගහන කෙප්ප වලට

  2. Boo says:

    මේ කක්කුස්සි කටාට හෙළුවෙන් වුනත් පාරේ යන්න පුළුවන්, ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑ .

    ඔය කියන රු. බිලියන් 4 ත් අර මහින්දගේ ඩුබායි බැංකු ගිණුම වගේ , තාජුදීන් මැරුණු හැටි වගේ මුගේ ඇස් දෙකෙන්ම දැකපු දේ තමයි.

    මේ දවස්වල මූ හීනෙනුත් මහින්දට බයේ ඇහැරෙනවලු , ඉතින් නින්ද මදි කමින් දවල්ට විකාර කියැවෙනවා , බා… බා…බා… !

  3. Sc says:

    ඉතාමත් අගය කල යුතුය .දේශපාලන හේතු නිසා මෙවැනි .උසස් දේ අගය නොකර ඉන්නඑපා යන්න සැම ගෙන් ඉල්ලා සිටිනවා

    • ගන්ජ බන්ඩා says:

      දතා මොහමඩ් කට අරින තරමට පොදු පෙරමුණ චන්ද බැංකුව ලොකු වෙනවා. කීප් ඉට් අප් කීප් ඉට් අප් දතෝ.

    • emathithumani obathumata pin demi

  4. "දිවදෙක රාජිත තල ගොයියෝ" says:

    දිවදෙක ඇත්ත රාජිත තල ගොයියෝ
    ආර්ථිකය දුබල කලෙ කවුදැයි බයියෝ
    දින පනහ කෝටිවලින් තිබුනද අයියෝ
    බැදුම්කර හැංඟුවෙ මන්දැයි ගොයියෝ

  5. silva says:

    BOLA THOGE DIWA THAWATH ITHURUWELA THIYENAWADA MEHEMATH BORU KIYANNA SINHALA SAKKILIYA

  6. Nagasinha says:

    ඔවු ඔවු….

    මහින්ද ලග රත්තරන් අශ්වයෝ හිටියා
    මහින්ද ලග ලම්බෝර්ගිනි තිබුනා
    වරායේ නැවු ගන්න බැරි මහා කළු ගලක් තිබුනා
    දැන් අලුත්ම එක කෝටි 400

    කියන්න තව කියන්න….. හොදින් සැතපිලා……..
    අහන්නම් අපි අහන්නම්…… හොදින් හිනැහිලා……

  7. desta says:

    e bola kunu datho uba sudanada uba mulu desapalana jivite sata 5k pagawa aran nethuwa ethi ube kata pukai dekama eka tena tiyenne ekai ohoma kiyanne mahinda chande denala awoth ape mahinda kiyala e pettata yai edata mahindath ubawa ganiwee eccharai etakota uba ranil ge weradi kiyai thopi okkoma ekai

  8. Sira says:

    Ithin nadu dapanko. Umbalage usaawi thiyenawane. Harakek wage thappulanne nethuwa, umbalage judges inna usaviyaka nadu daapan.

  9. UNP GAL IBBA says:

    මේ ගොබ්බ පතෝලයා මූ තමයි ආංණ්ඬුවේ ඉන්න මහම හොරා මූ රාජ්පක්‍ෂලාට ආපුදවසේ ඉඳන්ම මඩ ගැහැව්වා මිසක් වෙන මොනවද කොරේ අප්පයි පුතයි දෙන්නාම කානු පඩික්කම් කටාල මේ වගේ අවජාතක පරබල්ලන්ට ඊලංග චංඳයකදී සලකන විදිහ මහජනයා දැනටම තීරණය කොරලා හමාරයි??????????

  10. Alapaluwa says:

    මුට මේ ආත්මය විතරයි නැවත කිසිම ආත්මයක මනුෂයෙක්වි නම් ඉපදෙන්නේ නැ. මේ ආත්මයේදීත් මු විඳවන්න අවශ්‍යයි.

  11. Crazy says:

    Please don’t publish any article on this guy ?

  12. john the baptice says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර…..

  13. gadol says:

    රාජිත ගේ ජීවිතය තුල ඔහුට නොකරම බැරි දෙය හොරකමයි.දේශපාලන ගෙම්බෙක් ලෙස බොහෝ දෙනා කතා කරන රාජිත සිදු කල BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED මගඩිය පිළිබදව තොරතුරු රෑසක් අනාවරණය විය.

  14. Charter Malanayake says:

    According to Dental techechian of RS… calculation that MR last 50 days has robbed Rs 45 million. Is that correct ? MR was in power 2005 to 2014 closed 9 years . How much he robbed citizens money?
    Each day Rs 4. millions. Is that correct ! RS…that political lumpen is most corrupted politician in Parliament

Main News