දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

November 29, 2020 at 2:30 am | lanka C news
දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

බස්නාහිර පලාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.

දිපාවලි උත්සවයෙන් පසු අසාදිතයන් මේ (17 , 18 ) යන දෙදින බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන , බ්‍රිඩ්වෙල් , කොටියාගල , නොර්වුඩ් පොලිස් වසමට අයත්  වෙන්චර් සහ ටිලරි යන වතු වලට පැමිණිමෙන් පසු එම පිරිස ස්වයං නිරෝදනයට යොමු කර (24) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයෙන් පසු පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් අතර එක් තරුණියක්ද සිටින බවත් , එම ආශ්‍රිතයන් පස් දෙනාගේ පවුල් වල සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝදනයට යොමු කල බවත් , එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිර් සෙල්වම් ජේ ගනේෂ මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පස් දෙනා නිරෝදායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ 

6,365 views

6 Comments to “දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..”

  1. Amare says:

    hmm hmmm hmmmm.. hari hari hari….

  2. Open mind says:

    තොන්ඩා වැනි ප්‍රභූ පවුලක වැඩයි දීපාවලි යයි පටලවා ගෙන….

  3. ක්‍රිමිනල් says:

    පළමු රැල්ල කාලේ තොණ්ඩගේ උලව් ගේ ගජරාමෙට අරගෙන වතුකරේ කොහොමද හැන්ඩ්ල් කරන්නේ කියලා දුන්නේ අපේ රටේ ලොක්කො හොද ආදර්ශයක් . දැන් උන් ඒව්වා ආදර්ශයට අරං සැපෙන් ඉන්නේ..සැපෙන්.

    • ක්‍රිමිනල් says:

      බයවෙන්න දෙයක් නෑ. අවුලක් උනොත් පකනිල් තියෙනවා.

  4. Love nature says:

    දීපාවලි කියන්නේ හිරු වන්දනාවට ගෙදර මිදුලේ ඉදගෙන හිරුට නමස්කාර කෙරුවනම් මෙහෙම වෙන්නේ නැහැනේ දැන්වත් මොලේ පෑදේවී.

  5. RITIGALA says:

    congratulations.

Main News