දිඹුලාගලට පිටසක්වල ජීවීන්..? ඊයේ රාත‍්‍රියේ ආලෝක ධාරා..

September 1, 2022 at 2:10 pm | lanka C news
දිඹුලාගලට පිටසක්වල ජීවීන්..? ඊයේ රාත‍්‍රියේ ආලෝක ධාරා..

විවිධ වර්ණයන්ගෙන් යුත් විශාල ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයේ 31 වෙනිදා අළුයම් කාලයේ උඩුගුවනේ සිට පහත්වූ බව එම ප්‍රදේශයේ රාත්‍රී පැල් රකින ගොවීහු සඳහන් කළහ.

විනාඩි කිහිපයක කාලයක් එම ආලෝක ධාරාවන් පැවැති බවත් නිල්, කහ, රතු, දම් වර්ණ වලින් එම ආලෝක ධාරාවන් අහස් මාලිගාව දෙසට පහත් වී එක්වරම නැති වී ගිය බවත් ගොවියෝ කියා සිටිති.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ ආලෝක ධාරාවන් එම ප්‍රදේශයට පැමිණ තිබූ බව ඔවුන් සඳහන් කරති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා පවසන්නේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයක ම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වල ජීවීන් බවට සැලකෙන පාවෙන පීරිසි වැනි දේ ඉහළ අහසේ සිට රාත්‍රී සහ අලුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලාද ඇසින් දැක ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන උතුරුමැද පළාතේ උප ප්‍රධාන සංඝනායක මාදුරුඔය විජිතාලංකාර හිමියන් සඳහන් කරන්නේ මීට වසර කිහිපයකට පෙර තමන් ද මෙම ආරණ්‍ය සේනාසනයේ දී මෙම ආලෝක ධාරාවන් ට ඇති බවයි.

පිටසක්වල ජීවීන් අහස් මාලිගාවට පැමිණෙන බවට ජනප්‍රවාදයේ පැවැත එන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

89,776 views

26 Comments to “දිඹුලාගලට පිටසක්වල ජීවීන්..? ඊයේ රාත‍්‍රියේ ආලෝක ධාරා..”

  1. Namal says:

    Basil Rajapkasha wena berida ?

  2. kabba says:

    සෝමාවතියෙ තිබුන නිධන් වලට වැඩේ දුන්නෙත් ඔහොම තමා. අර චීවරධාරියට කියල ලක්ෂ ගණනන් මිනිසු ගෙන්නලා, මහ වැස්සෙ පංසලේ ලොකු පිංකමක් කරා, යටින් දුන්න ගේම.
    දිඹුලාගලටත් ස්කෑන් මැශින් ටික ආමි එක ලවා අල්ලනවද කියල බලපල්ලා. ටික දවසකින් කියයි දිඹුලාගල තිබ්බ නිධන් අගහරු ලෝකෙන් ඇවිත් හාරල ඇරගන ගිහිල්ල කියල.

  3. Roba says:

    PITA SAKWALA JEEVIN ‘ GEE’ KARANAWA WENNA BERIDA ???????????????

  4. Bandara says:

    මේකේ තිබිල තියෙන්නේ නිල්, කහ, රතු, දම්, පාටවල්. ඔය වර්ණ එකතු වුනාම් හැදෙන්නේ කුරහන් පාට. එකෙන් යම් අනාවැකියක් දෙනවා. රාජපක්ෂ වරු නැවත මේ රටේ බලයට එනවා.

  5. Alapaluwa says:

    අනේ බෝලවූ තෝපිළා භයවෙන්න කැරි නැහැ.ඒපැත්තේ කොල්ලෝ set එකක් ගංජා සුරුට්ටු උරන දුම නොවෑ.Alapaluwa.

  6. මොහොඩයා says:

    කෝ වීඩියෝ නැද්ද?

  7. කැපුවත් පොහොට්ටුවට says:

    රටට සුබ කාලයක් එන ලකුණු ඔය.

  8. දොන් සේතං says:

    ඔය පැත්තේ නසරානි කොල්ලෝ සෙට් එක ඩ්‍රෝන් යවනවා ඇති ලයිට් ගහගෙන. පිට සක්වල ජීවීන්… !!! හික්ස්…..!!

  9. sana says:

    pita sakwala appala dollar wassak wassana dawasa lagai….edata oya amerikanu puthayalata nasa eka ussagena mehe enna denna epa…

  10. Wije says:

    Mole tikak hoda ganini

Main News