දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ..- දැරියගේ මව

July 27, 2021 at 12:02 am | lanka C news
දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ..- දැරියගේ මව

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ දී ගිනි ඇවිලීමකින් මරණයට පත් තම දියණියගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු,  බොරැල්ල පොලිසියේදී අදාල පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්ද නිසා එම වාර්තා පිළිගත නොහැකි බව මියගිය දැරියගේ මව සඳහන් කරයි.

කතා කිරීමට තබා ඇස් ඇරීමට වත් නොහැකිව ඉතා අසාධ්‍යව සිටි තම දියණිය තමන් විසින්ම ගිනිතබාගෙන දිවි නසා ගැනීමට කටයුතු කළේ යැයි සාක්ෂි දීම පිළිගත නොහැකි බවද ඇය පවසයි.

එනිසා තම දියණිය සියදිවි නසා ගැනීමක් හෝ සිරුරට ගිනි තබා ගැනීමක් කලේ යයි පිළිගත නොහැකි බවද පැවසූ ඇය අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දී යුක්තිය ඉටු කළ යුතු බවද කියා සිටී.

තම දියණියගේ සිරුර නැවත ගොඩගෙන මරණ පරීක්ෂණයක් නැවත වතාවක් සිදු කළ යුතු බවද සඳහන් කළ ඇය තම දියණියට සාධාරණයක් ලැබෙන තෙක් ඉදිරියට යන බව දියණියගේ මෘත ශරීරයට අත තබා දිවුරු බව ද සඳහන් කළාය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම අදහස් පළ කළා ය.

27,813 views

27 Comments to “දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ..- දැරියගේ මව”

  1. ප්‍රශාන් says:

    මේ තම්බියෝ අපරාධ වහන්න කොච්චර සුක්ෂමව වැඩකරනවද පේනවනේ. අර දොස්තර ශාෆි සිංහල කාන්තාවන් වඳ කලෙත් ඔයවිදිහට සුක්ෂමව තමයි.

    • Ms.commonsense says:

      Sinhalayata konda pana ne. Okai attha kathawa 😁

    • Gamaya says:

      එතකොට වඳ උනා කියපු ගෑනුන්ට පස්සේ ළමයි හම්බ උනේ කොහොමද?

    • Sinhalaya says:

      මේක සිංහළ අපිට හොඳම මට්ටුවක්.සිංහලයෝ කීදෙනෙක් තවම පෝලිමට මුස්ලිම් දොස්තරලා චැනල් කරනවාද ? ඇයි ඔයාලා මෙච්චර මෝඩ? මෝඩකමට එහෙම යන ඔයාලාගේ නෑදෑයන්ට යාලුවන්ට කියාලා දැන්වත් ඒවා නවත්වන්න.ඉස්පිරිතාලවලදි ඒවුන්ඟේ ලඟට යන්න බැහැයි කියන්න.ලෙඩාට අයිතියක් තියෙනවා එහෙම ඉල්ලන්න.අනේ මේ කපේදිවත් ඒ එකෙක් ළඟට ඔයාලගේ බිරිඳ දුව නංඟි ගෙනියන්නඑපා මොළේ කළඳක් තියෙනවානම්. නිකම් මේවා බලළා හිටියට වැඩක් නැහැ.මුස්ලිම් පොක්ටර්ලා පස්සේ දුවනවා. අපේ ජාතිය වඳ කරන්න ඉන්න එවුන්.උන්ට කියක් හරි ලාබෙකට හොඳ ඉඩම් විකුණනවා.දැන්වත් රටේ මේවා නවත්තන්න පෙළ ගැහෙන්න.

  2. ලංකා​ව says:

    ස්ත්‍රී දූශකයෙක් උනත් මුස්ලිම් උන් මු​ස්ලිම් උ​න් වෙනුවෙන් ඉන්න​වා

  3. Opa-dupa says:

    ආයෙ ෂාපි නැගිටලාද?

  4. dananjaya says:

    දැරියට සාධාරණයක් වියයුතුවා සේම අනාගතයේ අපේ දරු පරපුර උස් පහත් බේද නොමැතිව රැකගැනිමට නිති හා සමාජ පරිසරය සැකසියයුතුබව අවිවාදාත්මකව පිළිගත යුතුය එහෙත් තම වැරදි වසාගන්න දගලන මෙවැනි දෙමාපියන් සමාජයටම පිළිලයකි මොවුනටද දැඩි දඩුවම් දිය යුතුය වතුකරය ආර්ථිකව දුප්පත් නැත දුප්පත්ව ඇත්තේ චින්තනයෙනි ඔවුන් මත්දුව්‍යට හා චිත්‍රපට වැනි දේට දැඩිව ලොල්ය අනාගතයක් නොසිතා හැසිරෙති

  5. Jagath Silva says:

    have a UN investigation

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    දොස්තර සාෆිගේ පැලෝපිය නාලයේ කේස් එකත් කලේ සිංහල නිලධාරීන් .🤪

  7. Hesh says:

    දැන් අපේ පිස්සු වම්මු ටික ඇවිත් මේ දෙමාපියොන්ට ජාතිවාදියෝ කියයි. බදුයිදීන් අපරාධයක් කරානම් ඒක නීතියෙන් විසගන්න පුලුවන්. හැබැයි මුස්ලිම් නිලධාරීන් මුස්ලිම් චූදිතයන්ට මෙහෙම උදව් කරනවනම් ඒක බරපතල තත්වයක්.

  8. සදා සමරමු සොහොයුරෝ says:

    වද කොත්තු ආවා ගියා. වද දොස්තර ආවා ගියා. මේ පාර ආණ්ඩුව අල්ලගෙන තියෙන්නේ ලේසියෙන් විරුද්ද වෙන්න බැරි මාතෘකාවක්. කොච්චර අමාරු උනත් මේ රටේ වාමාන්ශික ව්යාපාරය මේ ජාතිවාදෙට වැටෙන්න හොද නෑ. බදුයිදීන් පෙන්නලා අධ්යාපනය මිලිටරීකරණය කරන්න හදන්නේ මේ.

  9. Baby says:

    සවුදි අරබිය කියන්නෙ තම්බින්ගේ රටක් එ රටේ මෙහේම වුනානම් කොහොම වෙයිද එ දෙයියෝ මෙ දෙයියි වෙනස් වගේ මුන්ට එහේ නිතිය මෙහේ කරන්න ඕන

  10. NuwanJ says:

    පේනව නේද වැඩෙ සෙට් කරල තියන විදිව. මේ රටේ පොලිසියෙ ඉන්නෙ
    වැඩි පිරිසක් සිංහල අය දොස්තරලත් එහෙමයි එමෙ වෙලත් කොහොමද මේකට මුස්ලිම් අය විතරක්
    හැම එකටම සෙට් වුනේ.

    අනික නියම වැඩේ කියන් නෙ දවස් 12 ක් රොහලෙ මෙ ළමය හිටියත්
    නිකමටවත් ළමා ආරක්ෂණ අධිකාරිය රොහලට ගිහින් නොබලපු එක
    ඔකෙ පඩිලන්න සෙට් එක ගැන වෙනම පරික්ෂනයක් කොරපල්ල.

Main News