දියණියගේ සෙබල පෙම්වතාට විශ්‍රාමික හමුදා සෙබලෙක් පහර දෙයි.. පොලිසියටත් පාට් දමයි..

September 21, 2021 at 8:02 am | lanka C news
දියණියගේ සෙබල පෙම්වතාට විශ්‍රාමික හමුදා සෙබලෙක් පහර දෙයි.. පොලිසියටත් පාට් දමයි..

හමුදා සෙබළුන් දෙදෙනකුට පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය (20)පැවසීය.

අලුත්ගම පොලිස් වසමේ පුද්ගලයන් දෙදෙනෙකුට පහරදිමට අදාළ සැකකාර විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු හා නිවැසියන් විසින් සාපරාධි බලහත්කාරය පාමින් පොලිස් නිළධාරියාට පොල්ලකින් පහරදිමට තැත්කර ඇත.

පසුව එම නිලධාරීන් අලුත්ගම පොලිස්ථානය දැනුවත්කර තවත් නිළධාරි කංඩායමක් ගෙන්වා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

එම අවස්ථාවේ පොලිස් නිළධාරින්ට තුවාල සිදුවි ඇත.

සැකකාර විශ්‍රාමික හමුදා සෙබලාගේ දියනිය සමග යුදහමුදා සෙබළකු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එයට විරෝධය දක්වා සැකකරු විසින් එම හමුදා සෙබළා ට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන දෙදෙනාට පහරදිමක් සිදුකර ඇති පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙන බව අලුත්ගම පොලිසිය කියයි.

සැකකාර විශ්‍රාමික හමුදා සෙබලා එම අවස්ථාවේ තදින් බීමත්ව සිට ඇති බව අත්අඩංගුවට ගැනීමෙන් පසු වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමෙන් සනාථ වී ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පැවසීය .

පහරකෑමට ලක්වූ හමුදා සෙබලුන් දෙදෙනා අලුත්ගම සීනවත්ත රෝහලට ඇතුලත්වි ප්‍රතිකාර ලබමින් සිටි. මොවුන් දෙදෙනා වව්නියාව හා මින්නේරිය යුධ හමුදා කදවුරුවලට අනුයුක්තව සේවය කරන සෙබලුන් ය.

– තුසිත කුමාර ද සිල්වා

23,430 views

4 Comments to “දියණියගේ සෙබල පෙම්වතාට විශ්‍රාමික හමුදා සෙබලෙක් පහර දෙයි.. පොලිසියටත් පාට් දමයි..”

  1. කිරිමල්දෙනිය​ says:

    අංජන නිලධාරියා කියෙව්වම මට විතරද මඣඤං.. උනේ…..

  2. LalithM says:

    මේක ප්‍රවෘත්තියක්ද? ගෑනු හුටපට.

  3. Dengu Nona says:

    Wadagath rawurthiyak thamayi. Rana wiruwange Vinaye mahimaya meyin penenawa ne! Rana wiruwoda RENA wiruwoda?

Main News