දියණිය රෝහලේ.. විමල් උපවාසයේ.. අධිකරණයෙන් ඇප ඉල්ලයි..

March 24, 2017 at 1:23 pm | lanka C news
දියණිය රෝහලේ.. විමල් උපවාසයේ.. අධිකරණයෙන් ඇප ඉල්ලයි..

රක්‍ෂිත බන්ධනාගාරගතව උපවාසයක් ආරම්භ කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥයින් විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඇප අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ දියණිය කම්පනය නිසා ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ප‍්‍රතිකාර ලබ බව පවසමින් මෙම ඇප අයදුම් පත‍්‍රය යොමු කර ඇත.

මෙම ඇප අයදුම සම්බන්ධයෙන් තීන්දුව අප්‍රෙල් මස 03 වනදා ප‍්‍රකාශ කරන බව කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය සදහන් කර ඇත.

මේ අතර බන්ධනාගාරගතව උපවාසයේ යෙදී සිටින වීරවංශ මන්ත‍්‍රීවරයාගේ තත්වය අසතුටුදායක තත්වයට පරිවර්තනය වෙමින් ඇති බවද සදහන්ය.

39 views
Main News