දියතලාව බස් බෝම්බ පිපිරුම නිසා ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නෑ..- හමුදාපති

February 25, 2018 at 4:40 pm | lanka C news
දියතලාව බස් බෝම්බ පිපිරුම නිසා ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නෑ..- හමුදාපති

දියතලාවේ බෝම්බ පිපුරුම ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් වී නොමැති බවත් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සිදුවීම රටේ ජනතාව අනවශ්‍ය බියක් හා සිද්දියක් කර ගැනීම කනාගාටු වන බවට යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා වවුනියාවේදී පැවසුවේය.

වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා එලෙස පැවසුවේය.

රුපියල් මිලියන 24 ක වියදමින් ඉදිකළ 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකොට තිබිණ.

යුධ හමුදාපතිවරයා පැවසූවේ දියතලාව බස් බෝම්බය සජීවි අත් බෝම්බයක් පිපිරීමක් වන බව පැහැදිලිවල අතර,අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මේජරජෙනරාල් වරයෙකුගේ නායකත්වයෙන් යුත් 6 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරන බවටත්.

බස් රථයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් රටේ ජනතාවට කලබල විය යුතු නොවන අතර, එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද යුධ හමුදාපතිවරයා පැවසුවේය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ නිළධාරියා කැදවා ඇති බවද ‍හෙතෙම එහිදි සදහන් කළ අතර ඒ මහතාගේ සිදුවීම සිම්බන්ධයෙන් කනගාටු වෙනවා රටේ ජනතාව අනවශ්‍ය බියක් හෝ සිදුවීමක් කරගෙන තිබීම ගැන  .

වැඩසටහනට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා ඇතුළු යුධ හමුදා උසස් නිළධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views

8 Comments to “දියතලාව බස් බෝම්බ පිපිරුම නිසා ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නෑ..- හමුදාපති”

  1. NARAYANA says:

    This man cannit understand that telling lie make more distroy credibility of the his post. He must not do politics for RANNAPONIL AND KRPEPPAYA

    • Perera says:

      බෙල්ල අතගහපු බ්‍රිගේඩියර්ව පවුල් පිටින්ම කුදලාගෙන එන්න තියන හදිස්සිය නැහැ මහබැංකුව අතගහගෙන ගිය අධිපතිව ගේන්න..!!

      මෙහෙව් රටේ යුධ හමුදාපති වෙනවාට වඩා නම්බුකරයි පිටකොටුව බස්නැවතුම්පොලේ වැසිකිලි සෝදන රස්සාව…!!

      ලැජ්ජාව ගෑවිලාවත් තියෙනවනම් දැන්ම බැහැල යනවා ඔය තනතුරෙන් – ඔහේ කොරන්නේ පාලකයන්ගේ පස්ස හෝදන එක…!!!

  2. lion says:

    යමපාලනය ජාතික ආරක්ෂාවට විසාල හානියක් ඒ ගැනත් ටිකක් සිතන්න තරු ගන්න බලා බලාගන ඉන්න නැතුව

    • ගුරුළු says:

      ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නෑ..- හමුදාපති”–
      දියතලාවේ බෝම්බ පිපිරීමත් අපට නම් සැක සහිතයි අපේ රට අනතුරේ බව අපට නම් සිතේ ..
      රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම
      කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම
      මහා ආර්ථික ව්‍යසනයකට රට යොමු කළ මහ බැංකු මහා මංකොල්ලය –
      හම්බන්තොට වරාය වසර 99කට (තව වසර 99කට දීර්ඝ කිරීමේ ප‍්‍රතිපාදන ද සහිත ව) තුට්ටු දෙකකට බදුදීමේ ව්‍යාජයෙන් ජාතියට අහිමි කිරීම
      තිරිකුණාමලේ තෙල් ටැංකි, කන්කසන්තුරේ⁄ වරාය, මත්තල ගුවන් තොටුපොළ, ශී‍්‍ර ලංකා ගුවන් සේවය, අධිවේගී මාර්ග, බීජ ගොවිපොළ, රාජ්‍ය බැංකු – සිය ̈ සම්පත් විජාතිකයන්ට විකුණමින් රට පරාධීනත්වයට පත් කිරීම
      එට්කා ගිවිසුම අත්සන් කිරීමට දරන ප‍්‍රයත්නය ..මේ යහපාලනය රටට කල /කරන සතුරු වැඩ වලින් කීපයකි
      2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා වූ සිරිසේනට සහය පළකරන ත්‍රිවිඩ හමුදාපතිවරු ගැන අපට නම් ඇත්තේ කලකිරීමකි
      අපේ රටේ ජාතික ආරක්ෂාවට අනතුරේ හෙලමින් මේ යමපාලන සිදුකරන වැරදි ක්‍රියාවලට සහය පළකිරීම නවතා දැන්වත් රට ජාතිය ආරක්ෂාකිරීමට අපේ ත්‍රිවිඩ හමුදාපතිවරු අදිටන් කරගතයුතුයි

  3. don katugampala says:

    ADA HETA THARJANAYAK NEHA, NAMUTH ANAGATHETA KOHOMADA?

  4. Ga says:

    Kukku. Kumudu
    HIC….HIC….hkzzzzz

  5. ajita de costageneral strike says:

    mahesh ash wela gedara gihin redi hodapan

  6. බබා උක්කුන් says:

    මූත් අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙයි, පරාජිතගෙයි ගොඩට වැටෙන්න හදන්නේ

Main News