දියර කිරිවල කිසිදු ප‍්‍රමිතියක් නෑ.. රට කිරිපිටිවල විෂ ඇතැයි තහවුරු වී නෑ..

February 26, 2019 at 12:40 pm | lanka C news
දියර කිරිවල කිසිදු ප‍්‍රමිතියක් නෑ.. රට කිරිපිටිවල විෂ ඇතැයි තහවුරු වී නෑ..

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ සභාපති නෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සභාපති,
පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය,
කොළඹ.

ගරු සභාපතිතුමනී,

දියර එළකිරිවල ප්‍රමිතිය?

පසුගිය පෙබරවාරි මස 5 වනදා කිරිපිටි සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් කරන ලද ප්‍රකාශය සමඟම අතිගරු ජනාධිපතිවරයා ද පෙබරවාරි මස 15 වනදා කිරිපිටි සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි රහිත මෙරට බුද්ධිමත් සමාජයට විහිළු සහගත ප්‍රකාශ සිදුකර ඇත.

මෙම සිද්ධිය මහජනතාවගේ ආගමික පසුබිම වික්‍රමය (exploit) කර, මහජනතාව බලහත්කාරයෙන් දේශිය දියර කිරි භාවිතයට යොමු කිරීමේ කූට හා පහත් සැලැස්මක් බවට සමාජයේ විශාල සැකයක් ඇතිවී ඇත. එම සැකය අපට ද ඇතිවී ඇත.

කෙසේ නමුත් වෙළෙඳපොළේ ඇති දියර එළකිරි සම්බන්ධයෙන් එවැනි නිෂ්පාදන 5 ක් ඇසුරෙන් ඊයේ දිනයේදී අප සංවිධානය පුළුල් නිරීක්ෂණයක් සිදු කෙරූ අතර එහිදී අනාවරණය වූ කරුණු :-

1. එම කිසිදු දියර එළකිරි වර්ගයක්, ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූල බවට සහතික කර ඇති බවට පැකට්ටුවේ සඳහන් කර නොමැත.

2. UHT (Ultra High Temperature) හරහා ඇසුරුම් කරන දියර එළකිරි අන්තර්ජාතික නියමයන්ට අනුව පැකට්ටුව විවෘත කෙරූ පසු එය ශීතකරණයක් තුල තැබිය යුතු අතර, තවද එය දින 7-10 අතර කාලයක් තුල භාවිතා කල යුතුය. නමුත් අප විසින් කරන ලද නිරීක්ෂණයෙ දී එලෙස පාරිභෝගිකයාට උපදෙස් දී ඇති ඇසුරුම් තිබුණේ ඉන් නිෂ්පාදන දෙකක පමණි. එම ව්‍යාපාර දෙකට ISO තත්ත්ව සහතිකය හිමි වී ඇත.

3. ඇසුරුම සිදු කරන ව්‍යාපාරයන් දෙකකට ISO තත්ත්ව සහතිකයක් ඇති බවට ප්‍රදර්ශනය කර තිබුණ ද, අදාළ දියර එළකිරිවල ප්‍රමිතිය ඉන් සහතික නොවන බවට අපගේ අදහසි.

4. සමාජයේ බොහොමයක් අය දියර කිරි භාවිතා කරන්නෙ මල බද්ධයට විසඳුමක් ලෙස ය. එවැනි සමාජ ප්‍රතිරූපයක් දියර කිරිවලට නිර්මාණය වී ඇත්තේ ඇයි ද යන්න දීර්ඝ වශයෙන් සොයා බැලිය යුතුය.

5. ලංකාවේ වෙළෙඳපොළේ ඇති දියර එළකිරිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔබ අධිකාරිය විසින් කර ඇති හදිස්සි වැටලීම් හා ඊට අදාළව ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සිදු කෙරු පරීක්ෂණ වාර්තාවල පිටපත් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි ඉල්ලා සිටිමු.

6. ලංකාවේ වෙළෙඳපොළේ ඇති දියර එළකිරිවලට අදාළ වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය කුමක් ද ‍යන්න 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි ඉල්ලා සිටිමු.

7. පොල් වෙනුවට පිටි කල පොල් කිරි භාවිතය තුලින් නාස්තිය අඩු වන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක් තුල, කිරි පිටි වෙනුවට දියර එළකිරි භාවිතාව තුලින් සිදුවන නාස්තිය පිළිබඳව කර ඇති සමීක්ෂණ මොනවා ද‍ යන්න 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි ඉල්ලා සිටිමු.

8. කිරි පිටිවල ඌරු තෙල් ඇති බවට විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැතිව නිශ්චිතව කිව නොහැකි බැවින්, එලෙස ඇති බවට නිශ්චිත සාක්ෂි නොමැතිව ඔබ අධිකාරියට කෙරූ පැමිණිලි කරුවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර යුතු බව අපගේ අදහසයි.

අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

432 views

19 Comments to “දියර කිරිවල කිසිදු ප‍්‍රමිතියක් නෑ.. රට කිරිපිටිවල විෂ ඇතැයි තහවුරු වී නෑ..”

  1. NGO Prostitute says:

    මෙයාගේ මස්ත බාල්දු බේකරි හිමියන්ගේ සංගමේ බංකොලොත් වෙලා වගේ. අනෙක් man තමා ෆුල් face හෙල්මට් ඉල්ලලා හිටියේ. කගේ හරි සල්ලි වලට කහින මෙයාලගේ ලියුම් වලට web site එකේ ඉඩ දෙන්න එපා.

  2. Kings says:

    කිරිපිටි සමාගම් වලින් කෝටි කීයක් හම්බ උනාද මහත්තයො?

  3. බන්ඩා says:

    ‘මහජන අයිතීන් සුරැකීමේ’ සංවිධානය මොකක් උනත් ඔවුන් කියන දේ ඇත්තක් තියනවා.

    කිරිපිටි ලාබය් සහ පහසුය් කල්තබා ගතහැකිය්. ඒක තමය් වාසිය. එනිසා කිරිපිටි භාවිතය නැවැත්විය යුතු නැහැ. නමුත් පිටරට කිරිපිටි සීමා කල යුතුය්. ඉන්දියාව මෙන් අපත් අපිට අවශ්‍ය කිරිපිටි සහ ලංකාවේ වගා කල හැකි අනෙකුත් ආහාර ලංකාවෙම නිශ්පාදනය කල යුතුය කල හැකිය යන මතයෙ මම ඉන්නවා. මමත් එලදෙනක් හදනවා. ගොවිතැන් කරනවා.

    ලංකාවෙ තියන සෑම නැවුම් කිරි පැකැට්ටුවකම නියම නැවුම් එලකිරි නැති බව පිටිකිරි නොබොන නැවුම් කිරි පමනක් බොන මමත් පිළිගන්නවා. ‘fresh’ skimmed කිරිවල කිරිපිටි දිය කර එක් කර ඇති බව මම විශ්වාස කරනවා. මට ‘fresh milk’ රසයෙන් හඳුනා ගන්න පුලුවන්. බොරැ ‘fresh’ milk නම් කරන්නත් පුලුවන්.

    නැවුම්කිරි, පිටි කිරීමේදී ශරරීරයට අහිතකර oxidized cholesterol වැඩි වන බව බොහො වෙබ් අඩවි වල කරැණු සාධක සහිතව පෙන්වා තිබෙනවා. හෘර්දය ආශ්‍රිත නාල වල මේවා බැඳෙනන බවත් වෛද්‍යවරැ කියනවා. ‘oxidized cholesterol’ අධික ආහාර ශරීර සෞක්‍යයට අහිතකර බව වෛද්‍යවරැ පොදුවේ පිළිගන්න නිසාත් වසර 20 ක් එංගලන්තයෙදීත් ඊට පෙර ලංකාවේදී ‘fresh’ milk බිව්ව නිසාත් මම කිරිපිටි තේ හෝ කෝපි එකට වත් දමන්නේ නැහැ.

    නිව්සීලන්ඩ් කිරිපිටි වල මෙලමයින් botulism-causing bacteria අඩංගු ඇතැය් යන චෝදනව මත චීනය විසින් 2013 දී නිව්සීලන්ඩ් කිරිපිටි ආනයනය තහනම් කලා. කෙසේ නමුත් අද වන විට චීනයේ නිව්සීලන්ඩ් dairy products ආනයනය වැඩිවී තිබෙනවා.

  4. ceejay says:

    අසේල සම්පත් චිරන්ත අමරසිංහ ඔය ගොල්ලෝ ඔයාලගේ ළමයින්ට දෙන්නකෝ ෆාර්ම් තෙල් මිශ්‍රිත රට කිරි පැකට් .රටේ අනිත් අය ඒ අයගේ දරුවෝ ගැන බලාගනියි.

  5. PM says:

    MUN TIKA KRIRPTI ADD EKAKATA PENI IDALA… THUK WITARAK KALAKANNI

Main News