දියවන්නාවේ ඇදුම ගලවා දමා පයින් අනුරාධපුරේ ගොස් ශ්‍රී මහා බෝධිය වැඳලා එන්න මන්ත‍්‍රීවරයෙක් සූදානම්..

July 8, 2019 at 9:20 am | lanka C news
දියවන්නාවේ ඇදුම ගලවා දමා පයින් අනුරාධපුරේ ගොස් ශ්‍රී මහා බෝධිය වැඳලා එන්න මන්ත‍්‍රීවරයෙක් සූදානම්..

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා තමුන්ට එල්ල කරන චෝදනා ඔප්පු කලහොත් ඔවුන් ඉල්ලන ඕනෑම අභියෝගයක් භාරගෙන රටෙන් ජාතියෙන් සහ ආගමෙන් සමාව ගැනීමට සුදානම් බව සහ ඔප්පු කිරීමට අපොහොසත්වේ නම් තම්න් ලබා දෙන අභියෝගය භාරගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරොශන් ප්‍රේමරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් සඳහන් කලේ පිටබැද්දර පිටබැද්දර ප්‍රදේශයේ පැවතිපොදුජන පෙරමුණේ දෙනියාය ආසන බළ මණ්ඩලයට සහභගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය..

වීරවංශගේ එකෙක් මට හොඳටම බැනපු එකෙක් හෙට අනිද්දා හිරේ යන්න ඉන්නවා කියලා රාජිත සේනාරත්න මහත්තයා කියලා තියෙනවා..මම කියන්න කැමතියි රාජිත සේනාරත්න මහත්තයෝ ඔබතුමා සහ ඔබතුමාගෙ පුතාට මම අභියෝගයක් කරනවා.
තමුන්ගේ දේශපාලනය නෙමෙයි අපි කරන්නේ..ප්‍රා කල්ලියෙන් පටන්ගෙන කරපු දේශපාලනය අපි දන්නවා.ඒ ඉතිහාසය අපි දන්නවා.කරපු පාදඩකම් ,මේ රටට කරපු විපත්තිය අපි හොඳටම දන්නවා.

මට කරන චෝදනා ඔප්පු ඔප්පු කලෝතින්,මම කාගේ හරි කුඩු වලට සම්බන්ධයි කියලා,මම කාගේ හරි සල්ලි ගත්තා කියලා අඩුම තරමේ දුරකථන ඇමතුමක් ගත්තා කියලා ඔප්පු කලොත් රාජිත මහත්තයා කියන දෙයක් කරන්න මම ලෑස්තියි.

දියවන්නාවට ජාතික ඇඳුම ගලවලා දාලා අනුරාධපුරයට පයින් ගිහිල්ලා ශ්‍රී මහා බෝධිය වැඳලා එන්න කිව්වොත් මම ඒකට ලෑස්තියි.මම මේ රටට,ජාතියට නරක දෙයක් කරලා තියේනම්,ජාතියෙන් සහ ආගමෙන් සමාව ගන්න මම ලෑස්තියි.

රාජිත මහත්තයෝ මම ඔයාගෙන් එක ඉල්ලීමක් කරනවා.නිරෝශන් ප්‍රේමරත්නට කරන චෝදනා ඔප්පු කරන්න පුළුවන්නම් මම කියන්නේ නෑ ඇඳුම් ගලවලා පාරේ යන්න කියලා.පුලුවන්නම් දියවන්නවේ ඉඳලා කළුතරට පයින් ගිහින් පෙන්වන්න යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංකර ගමගේ

24,791 Viewers

2 Comments to “දියවන්නාවේ ඇදුම ගලවා දමා පයින් අනුරාධපුරේ ගොස් ශ්‍රී මහා බෝධිය වැඳලා එන්න මන්ත‍්‍රීවරයෙක් සූදානම්..”

  1. SL says:

    මේවගේ පාර්ලිමේන්තු තියෙන්නේ ලෝකෙම එකයි .එක එකාට මඩ ගහනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ.ප්‍රහාරය සිදුවෙලා මාස 3 යි. කිසිම පනතක් තවම සම්මත නැහැ අඩුම ගානේ නිකාබය , වහැබිය තහනම් කරන්න. ටියුනීසියාවේ බොම්බේ පුපුරලා දවස් 2-3 න් ඔවුන් නිකාබය තහනම් කරා. මොන ප්‍රශ්න තිබුනත් මුස්ලිම් ,දෙමල මන්ත්රිලා මුස්ලිම් /දෙමල ජනයාට පොදුවේ ඕනේ නීති ටික ගැසට් කරගෙන තියෙනවා . අපි. අපේ පෞරාණික පන්සලක්. වෙහෙර ක් කඩුවත් ,නැගෙනහිර,උතුරේ ඉන්න සිංහලයන්ට කොපමණ වර්ගවාදී හිංසන කරත් පාර්ලිමේන්තුවේ බකන් නිලාගෙන ඉන්නවා ,මොකද චන්ද නැතිවෙයි කියල .අපි …පවු නේද !

  2. gamarala says:

    අනුරාදපුරේ යන්න මුන් ට ආගමක් නැහැ මක්කම යවමු

Main News