දිය ඇල්ලකින් පැන දිවි නසා ගැනිමට උත්සහ කල තරුණයෙකු පොලිසියෙන් බේරාගනී..

September 16, 2020 at 4:40 pm | lanka C news
දිය ඇල්ලකින් පැන දිවි නසා ගැනිමට උත්සහ කල තරුණයෙකු පොලිසියෙන් බේරාගනී..

දිය ඇල්ලකින් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් (16) දින සමත්විය.

හැටන් ඇබොස්ලි වතුයායේ සිට මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ජලය ගලා බසිනා ඇබොස්ලි වත්ත හරහා ගලා බසිනා දිය ඇල්ලට ඉහලින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු රැදි සිටින බව දුටු එම වතු යායේ වතු කම්කරුවෙකු එ පිලිබදව හැටන් පොලිසියේ ස්ථානාධිපති උපොප ප්‍රදිප් මහතා වෙත දැනුම් දිමත් සමග හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් එම දිය ඇල්ල අසලට ක්ෂණිකව ගොස් ස්ථාන කිහිපයකින් තරුණයා වෙත ළගා වි සිය දිව හානි කර ගැනිමට තැත්කල තරුණයා අල්ලා ගැනිමට සමත්වි ඇත.

මානසික රෝගයකින් පෙලෙන බව පවසන (23) හැවිරිදි එම තරුණයා හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු බවත්, දෙමව්පියන් සමග උරන වි සිය දිවි හානි කර ගන්නා බව පවසමින් (16) දින නිවසින් පැමිණි බව එම තරුණයාගේ මව හැටන් පොලිසියට පවසා ඇත.

පොලිස් භාරයට ගැණුනු තරුණයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත එම තරුණයා මානසික වෛද්‍යවරයෙකු ඉදිරිපත් කර අධිකරණ නියෝගයකින් යලිත් එම තරුණයා ඔහුගේ දෙමව්පියන් වෙත භාර දිමට කටයුතු කරන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,898 views

4 Comments to “දිය ඇල්ලකින් පැන දිවි නසා ගැනිමට උත්සහ කල තරුණයෙකු පොලිසියෙන් බේරාගනී..”

  1. Love nature says:

    භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, තමන්ගේ සිත දැකීමේ කුසලතාවය දියුණු කරගන්න කියල. තමන් ම තමා ගැන කල්පනා කරලා හොඳට සෝදිසියෙන් බැලිය යුතුයී.

    මම කාමච්ඡන්දයෙන් බොහෝ වාසය කරනවාද? කාමච්ඡන්දය (ආශාව තියෙනවාද) නැතුව බොහෝ වාසය කරනවාද?” කියල තමා ගැන තමාම සෝදිසි කරල බැලිය යුතුයී.
    ඒ වගේම “මගේ හිතේ දැඩි තරහ තියෙනවාද? දැඩි තරහ නැද්ද?, මම දැඩි තරහෙන්ද වාසය කරන්නේ? එහෙම නැත්තම් දැඩි තරහ නැතුවද මම වාසය කරන්නේ” කියල සෝදිසි කරල බැලිය යුතුයී.
    ඊලඟට “මම ථීනමිද්ධයෙන් යටවෙලාද වාසය කරන්නේ?, එහෙම නැත්තම් ථීනමිද්ධය නැතුවද වාසය කරන්නේ”, කියල සෝදිසි කරල බැලිය යුතුයී.
    ඊලඟට “මේ හිතේ විසිරුණු ගතිය තියෙනවාද?, ඒ විසිරුණු ගතියට යටවෙලාද මං වාසය කරන්නේ?, එහෙම නැත්තම් මගේ හිතේ ඒ විසිරුණු ගතිය නැද්ද?” කියල සෝදිසි කරල බැලිය යුතුයී.
    ඊළඟට “මගේ හිතේ සැකය තියෙනවාද?, සැකය නැද්ද?, සැකය පහවෙලාද?” කියල සෝදිසි කරල බැලිය යුතුයී.
    “මට කේන්ති යන ගතිය තියෙනවාද?, කේන්ති යන ගතිය නැද්ද?” ඒ විදියට බැලිය යුතුයී.
    “මගේ හිත කිලිටි වෙන ස්වභාවයෙන් යුක්තයිද?, එහෙම නැත්තම් මගේ හිත කිළිටි නැද්ද?, පිරිසිදුයිද” කියල සෝදිසි කරල බැලිය යුතුයී.
    මගේ හිතේ කම්මැලිකම බහුල වශයෙන් තියෙනවද?, කම්මැලිකම දුරු කරගෙන මං වාසය කරනවාද? මේ විදිහට සෝදිසි කරල බැලිය යුතුයී.
    “මම සමාහිත සිතකින් වාසය කරනවාද, එහෙම නැත්තම් මම ආසමාහිත හිතින්ද වාසය කරන්නේ”, මේ විදිහට තමා ගේ සිත ගැන තමාම සෝදිසි කරල බලන්න කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

    • sunimal says:

      තේ වතු වල ඉතා සීග්‍රයෙන් කුඩු ,එතනෝල් බිස්නස් කරන බව ප්‍රසිද්ධයි ..මේ එවැනි දෙයක් නිසා සිහි විකල් වූ තරුණයෙක් විය හැකියි …
      කදුකරේ තේවතු වල සිදුවන කුඩු ව්‍යාපාර නතරකිරීමට කටයුතු කල යුතුයි

  2. පියරත්න බණ්ඩාර says:

    පොලීසිය හොද වැඩක් කලාම….මේවත් fb වලට යන්න ඕන.
    පොලීසියෙ වුනත් හොද අම්ම තාත්තගෙ හොද දරුවො ඉන්න ඇති.ඒ දරුවො හදල පොලීසියට දුන්න අම්ම තාත්තට පින්

  3. වර්ණපුර says:

    ….දෙමව්පියන් සමග උරන වි සිය දිවි හානි කර ගන්නා බව පවසමින් (16) දින නිවසින් පැමිණි බව එම තරුණයාගේ මව හැටන් පොලිසියට පවසා ඇත.

    මෙහෙම දෙයක් වෙලා තිබුනනම් ඒ මනුස්සය ගැන වැඩිපුර හොයල බලන්න එපායැ, ඒ තරුණයාගේ මව ඇතුලු ළඟම මිනිස්සු.

Main News