දිය යට ගිනි උඩට මතුවේ.. එජාප ඇමතිකම් කිසිවක් ශ‍්‍රීලනිපයට නොදේ.. විධායක ජනපතිත් එජාපයට යටයි..

March 30, 2017 at 9:20 am | lanka C news
දිය යට ගිනි උඩට මතුවේ.. එජාප ඇමතිකම් කිසිවක් ශ‍්‍රීලනිපයට නොදේ.. විධායක ජනපතිත් එජාපයට යටයි..

සිදු කිරීමට නියමිත බව කියන ඇමති මණ්ඩල සංශෝධනයේදී දැනට එජාප ඇමතිවරුන් දරන ඇමති ධුර කිසිසේත්ම ශ‍්‍රීලනිපයට ලබා නොදිය යුතු බවට එජාපයේ මැති ඇමතිවරුන් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කර ඇත.

එජාප ඇමතිවරුන්ගේ ඇමති ධුර වෙනස් කල යුත්තේ එජාප ඇමතිවරුන් අතර පමණක් බවත් පෙන්වා දී ඇති ඔවුන් එසේ නොවුනහොත් බිම් මට්ටමේ එජාප පාක්ෂිකයින් දැඩිව කලකිරී ගමේ දේශපාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර වෙළෙද කටයුතු, මහාමාර්ග, ජනමාධ්‍,ය රාජ්‍ය ව්‍යවසාය යන වත්මනේ එජාපය දරන ඇමති ධුර ශ‍්‍රීලනිප ඇමැතිවරුනට ලබා දීමට නියමිත යයි වාර්තා වීමත් සමග එජාප මැති ඇමතිවරුන් පිරිස මෙසේ අගමැතිවරයා හමුවී සාකච්ඡුා කර ඇත.

එහිදී අගමැතිවරයා සදහන් කර ඇත්තේ මෙම ඇමතිධුර එජාපයේම තව දුරටත් තබා ගැනීමට කටයුතුකරන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කරන බවත්ය.

42 views
Main News