දිල්රුක්‍ෂි වැට පැන මාට්ටුයි..

October 21, 2016 at 4:06 am | lanka C news
දිල්රුක්‍ෂි වැට පැන මාට්ටුයි..

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයක් පදනම් කරගෙන දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වීම හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් යයි රාවණා බලය සංවිධානය පවසයි.

එහි මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පෙන්වා දෙන්නේ අල්ලස් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයේ තනතුරක් හෝ නමක් සදහන් නොවූ බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට කල්ගත වී හෝ සත්‍යය අවබෝධ වීම හො`ද දෙයක් වුවත් මේ වනවිට කල්ගත වී වැඩි යයිද උන්වහන්සේ පවසති.

අදාළ ප‍්‍රකාශය මත අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වූ බවද පෙන්වා දෙන එහිමියෝ ඉන් පැහැදිලි වවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නිලධාරීන් පත්කර සිටින ආයතනය දේශපාලනීකරණය වී ඇති බව යයිද වැඩි දුරටත් කියා සිටියහ.

18 views

One Comment to “දිල්රුක්‍ෂි වැට පැන මාට්ටුයි..”

  1. alaya says:

    එතකොට දැන් ඔය ජනවාරි 8 ට කලින් ඉන්නවා කිව්ව සල්ලි ගිලුව කම්බ හොරු, රත්තරං අස්පයෝ, ලම්බෝගිනි දැන් ඇත්තේ නැද්ද හිටං ……මේවා අයින් කලාම ඒ ගොල්ලෝ හොරකම් කරපුවා හොයන්නේ කවුද හිටං

Main News