දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

August 17, 2021 at 8:02 am | lanka C news
දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

‘පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පළතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා. මහ කන්නයට පෙර ගොවියාට හිඟයකින් තොරව දිලීර නාශක ලබා වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කළ යුතුයි’ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

පොහොර හා කෘෂි රසායනික තහනම ලංකාවේ කෘෂිකර්මයට දැවැන්ත විනාශයක් අත්කර දී තිබෙනවා. ආණ්ඩුව කෘෂිකර්ම විශේඥයින්ගේ දැනුමට නිගරු කරමින් දිලීර නාශකවලටත් තහනමක් පනවලා තියෙනවා. පොහොර නැතිවුණාම අස්වැන්න අඩුවෙනවා විතරයි, නමුත් දිලීර නාශක නැති වුණාම ඕනෑම වගාවක් දින දෙක තුනකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පසුගිය වැසි සමයේ තේ වගාවේ දිලීර හානිය නිසා කුඩා තේ වතු හිමියෝ අන්ත අසරණ වෙලා තියෙනවා.

වැවිලි සමාගම්වලට තමන්ගේ වගාවට දිලීර නාශක තොග තියෙනවා. දෛනිකව කඩෙන් බෙහෙත් පැකට් එකක්, බෙහෙත් බෝතලයක් අරගන්න ගොවියෝ තමයි ආණ්ඩුවේ අඳ බාල වැඩ වලින් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. උඩරට විතරක් නෙවෙයි රටේ පුරාම යල කන්නයට දිලීර නාශක ලැබෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

රජයේ විකාර ආනයන තහනම නිසා දැන් මාතලේ විතරක් නෙවෙයි රටේ හැම තැනම දිලීර නාශක හිඟයි. ගොවිතැන් කරන ගොවි පවුලක කෙනෙක් විදිහට මම දන්නවා පැලෑටි සමයේ ඉදන් අස්වැන්න නෙළන කාලය දක්වාම විවිධ අවස්ථාවන් හි ශාකවලට දිලීර බලපෑම එල්ලවෙන බව. දිලීර ආක්‍රමණයක් සිදුවූ පසුව වහා පිළියම් යෙදිය යුතුයි. දිලීර නාශක නිසි ප්‍රමිතියකින් භාවිත කිරීම මිනිසාට හානියක් නෙවෙයි.

ආණ්ඩුව ආර්ථික බංකොලොත් භාවය වහගන්න අඳබාල තර්ක ගේනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැති තහනම් කිරීම් නිසා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. විදේශ වෙළෙඳපොල ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන එළවළු, පළතුරු, මල් හා සලාද වර්ග වලට නිසි ප්‍රමිතියක් තියෙනවා. ලස්සනක් නැති බඩුවලට විදෙස් වෙළෙඳපොලක් නෑ. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති රටේ සාගතයක් ඇති කරනවා. රටට විදේශ විනිමය නැති කරනවා.

– රෝහිණී කවිරත්න

36,322 views

12 Comments to “දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…”

  1. Planter says:

    As usual don’t kill the messenger but listen to what she has got to say. This is 100% true and if the current situation continues the crop loss will be extremely high. Everyone including the Agriculture Minister has got only one Manthra.. Compost Fertilizer. That is only one part of the problem. No one has got an organic solution for agro chemicals. ..

    • chamil says:

      I do not agree with that as I doing plantation without any chemicals.poddak mahansi wenna one eka hadanganna not like to shop bring a bottle mix and spread. That is the only diference

  2. Silva says:

    තියන එලවලු ටිකකට වහ ට්කක් දාගෙන කන්න.

  3. Truth says:

    We sooner going to face poor agriculture growth in near month as the top heads don’t care a dam.

    Politicians imagination will lead to a lost.

  4. කවිරත්න නෝනා....චූට්ටක් ඔලූවෙන් හිතල ප්‍රවේශමින් කට හෙල්ලූව නම්... says:

    කට හොල්ලලා ආන්ඩූ පෙරළන්න බෑ නගෝ. අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා….හෙට වෙනූවෙන් රට රැකගන්න හිතපන් නෑනේ.

  5. Jagath says:

    දේශප්‍රේමය කාලා පවුල් පාලනය බොන්න තමයි තියෙන්නේ. 😭

  6. බන්ඩා says:

    ආණ්ඩුවට කාබනික වැඩේට වැඩ සටහනක් නැති බව කෘෂි නිලධාරීන් සහ ඇත්ත දියර පොහොර සහ කොම්පොස්ට් නිශ්පාදකයන් සමග කතා කලොත් තේරේවි

  7. මෝඩ බයියා says:

    අපි හැට නම ලක්සෙකට පුලුවන් තණකොල කන්න් කාල තාලෙට කියමු රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි අපේ විරුවා.

  8. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    කමක් නැහැ අපි ඇදපු බිත්ති චිත්‍ර ටික හරි කාලා ජිවත් වෙනවා .

  9. කපයා says:

    උඹගෙ හිස් කථා. සද්භාවයෙන් කියන ඒවා නෙවෙයි නෙ. වට්ටි අම්ම කථා.

  10. LalithM says:

    අනේ නිකම් ඉන්න කවිරත්න නෝනේ.කාබනික මේනියාව කාලා ජාත්‍යාලය බීලා ඔන්න ඔහේ ඉම්මු. ඕවත් ප්‍රශ්නද?