දිවංගත ලලිත් ඇතුලත්මුදලි ගුණ සැමරේ…

April 25, 2018 at 2:25 am | lanka C news
දිවංගත ලලිත් ඇතුලත්මුදලි ගුණ සැමරේ…

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ විසිපස් (25) වන ගුණසැමරුම පසුගියදා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අංක 05 ජයබහලූ දොරටුව අසල ලලිත් ඇතුලත්මුදලි පිළිරුව අභියසදී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමය මගින් සංවිධානය කරන ලද මෙම ගුණසැමරුම් උළෙලේ දී සභාව ඇමතූ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ‘තමා ගෞරව කරන පුද්ගලයෙකුගේ ගුණ සමුරුවට සහභාගී වීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවත්, තම ළමා කාලයේ දී එතුමාගේ රුව චිත‍්‍රයට නැගීමට තරම් දැඩි ආදරයක් ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා පිළිබඳව පැවති බවත් පැවසී ය’

තවද, දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා වරාය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ කාලය තුළ කිසිදු වැඩවර්ජනයක් නොතිබුණු බවත්, එවකට එකසිය තිස්තුන්වන (133* ස්ථානයේ පසු වූ කොළඹ වරාය එතුමන් වරාය අමාත්‍යධුරයෙන් සමුගන්නා විට 22 වැනි ස්ථානයට ගෙන ඒමට සමත් වූ බවත් පැවසී ය.

1977 මහ මැතිවරණයේ දී රත්මලාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලලිත් ඇතුලත්මුදලි මහතා 1978 එජාප රජයේ වෙළෙඳ සහ නාවුක අමාත්‍යධුරය ලබා ගන්නා ලදී. ලෝකයේ වරායයන් ප‍්‍රතිනැව්ගතකරණය හඳුනා ගන්නා සමයේ දී ප‍්‍රතිනැව්ගතකරණය කොළඹ වරායට හඳුන්වා දීමට මූලික විය. ‘මල් වට්ටියකට අත ගසා පින් ලබා ගන්නා ක‍්‍රමයක් ’ වශයෙන් එම ක‍්‍රමය හඳුන්වාදුන් ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා 1979 දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවීමට පුරෝගාමී විය.

– චිත‍්‍රාල් ජයවර්ණ

379 views

4 Comments to “දිවංගත ලලිත් ඇතුලත්මුදලි ගුණ සැමරේ…”

  1. Lapaya says:

    Ayiyo Karunkayata enna kiwuwe nadda mekata.

  2. Dr Lakshman Fernando says:

    SIR, I AM SALUTING TO YOUR NAME. I COMPLETED MY STUDIES BECAUSE OF YOUR ” MAHAPOLA “

  3. Love nature says:

    ලලිත් ඇතුලත්මුදලි මහත්තය උගතෙක් උනාට ඔහුව ගොනාට ඇන්දුවේ එක්සත් ජාතික පක්ෂය

    • Manoj says:

      GON HARAKOOO, UNP neththam Lalith udata enne nehe. Lalith is 100% LIBERALIST and he never join any other party in SL.

Main News