දිවයිනේ ඕනැම ප්‍රදේශයකට පැය 24 තුල ලිපි, පාර්සල් බෙදා හරින්න තැපෑල සූදානම්..

October 12, 2019 at 2:06 am | lanka C news
දිවයිනේ ඕනැම ප්‍රදේශයකට පැය 24 තුල ලිපි, පාර්සල් බෙදා හරින්න තැපෑල සූදානම්..

තැපැල් දෙපාර්තුමේන්තුවේ බෙදා හැරිම් අංශය සංවර්ධනය කර පැය 24 තුල දිවයිනේ ඕනැම ප්‍රදේශයකට තැපැල් සහ භාණ්ඩ බෙදා හැරිම් කටයුතු සිදු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසිය.

තැපැල්පතිවරයා එ බැව් කියා සිටියේ නාවලපිටිය තැපැල් කාර්යයාලයේ  පාරිභෝගික සේවා මධ්‍යස්ථානය රු ලක්ෂ 39 වියදමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිමෙන් පසු පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු තැපැල්පතිවරයා කියා සිටියේ

තැපැල් වර්තමානයේ ආර්ථික වශයෙන් පොඩ්ඩක් අපහසුතාවයක ඉන්නේ, උපයන ආදායමට වඩා විශාල මුදලක් වැය කරන්න සිදු වෙලා තියෙනවා, එකට හේතුව රාජ්‍යය ප්‍රතිපත්ති අනුව වැටුප් වැඩි වෙනකොට අපේ විසිහයදහසත් පමණ වන කාර්යය මණ්ඩලයට වැටුප් ගෙවන්න සිදු වෙනවා.

එ නිසා අපේ අදායම් සහ වියදම් පරතරය එන්න එන්නම වැඩි වුණා, අපි වාර්ෂිකව මිලියන 8000 ක් උපයනකොට  අපිට මිලිය න දහතුන්දහසක් පමණ වියදම් කරන්න සිදු වෙලා තියෙනවා.

එනිසා රාජයක් ටිකක් අපහසුතාවයෙන් ඉන්නේ , මේ වියදම් පියවන්න නිරතන්තරයෙන් ප්‍රතිපාදන ලබා දෙන්න.

ලැබෙන ප්‍රතිපාදන වලිනුත් ගොඩනැගිලි ඉදි කිරිම් සහ ප්‍රතිසංස්කරණ කටයතු වලට යොදවන්න පුළුවන් පොඩි මුදලක්.

ඊට වඩා අපිට දැන් අර්බුදයක් තියෙනවා තැපැල් දෙපාර්තුමේන්තුවේ තාක්ෂණික පැත්ත දියණු කිරිම.

අපේ කාර්යය මණ්ඩලය බොහො වෙලාවට පාරිභෝගිකයන්ගෙන් දොස් අසමින් සේවය කරන්න සිදු වෙලා තියෙනවා.

අපි තොරතුරු තාක්ෂණයට යොමු වුණේ මිට අවුරුදු 10 පමණ කලින්, අපි විසින්ම හදුන්වලා දුන්න තොරතුරු තාක්ෂණ පද්ධතියක් තමයි තිබ්බේ.

අපිට උවමනාව තිබ්බා මේ තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කරන්න , එ නිසා 2014 වසරේ නැවත තොරතුරු තාක්ෂණ පද්ධතියක් හදුන්වලා දුන්නට  එක සාර්ථක වුණේ නැ , මිලියන 600 පමණ වියදම් කලා කෙසේ නමුත් කොහේ හෝ දෝෂයක් නිසා එක් ක්‍රියාත්මක කරන්න බැරි වුණා.

 

ඊට පස්සේ අපි රජයත් එක්ක දිර්ඝ කාලිනව සැලසුම් ඉදිරිපත් කලත් ,ප්‍රායෝගික තත්වයන් හමුවේ අපිට මුදල් ලබා ගැනිමේ අපහසුතාවයන් තියෙනවා.

අපි ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවක් තියෙනවා බිලියන 3.1 වියදම් කරන්න ඕනි, මේ වේලාවේ එක අසිරුයි, අපේ කාර්යය මණ්ඩලයේ ඉන්නවා දක්ෂ තරුණ නිලධාරින් එවැනි අය දැනටමත්  පද්ධතියක් සකසමින් ඉන්නවා.

එකට ටිකක් කල් යනවා, ඉන් පසු අපිට හැකි වේවි අපේ පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සේවාවක් සපයන්න.

ගිය අවුරුද්දේ අපිට රජය දිලා තිබ්බ ඉලක්කය තමයි මිලියන 8000 ක් උපයන්න ඕනි කියලා, අපිට එක් බැරි වුණා , දින 16 ක් තිබ්බා වැඩ වර්ජනයක් දෙපාර්තුමේන්තුව තුල , එම වැඩ වර්ජන වලට සාධාරණ හේතු තිබ්බා , මිලියන 8000 ක යන්න බැරි වුණත් මිලියන 7600 පමණ අපි උපයාගත්තා.

ඔක්තොම්බර් 9 තැපැල් දිනය ලෙස නම් කරලා තියෙනවා, එ වෙනුවෙන් විවිධ රටවල් වල විවිධ වැඩසටහන් දියත් කරලා තියෙනවා, මේ පාර් එහි අරමුණ වුයේ බෙදාහැරිම් සංවර්ධනය කිරිම .

එනිසා අපි කටයුතු කරනවා පැය 24 ඇතුලත ලංකාවේ ඕනැම තැනක තැපැල් බෙදා හැරිම් කටයුතු සිදු කරන්න , ප්‍රායෝගික ගැටළු වලට මුහුණ පාන්න සිදු වෙනවා එ වගේ අවස්තාවල ප්‍රමාදයන් සිදු වෙනවා.

කාර්යය මණ්ඩලයේ හිගයක් තියෙනවා, රාජයත් එක්ක සකාච්ඡා කරලා එ අඩුපාඩුව සපුරා ගන්න කටයුතු කරනවා. මැතිවරණය නිසා අපිට බදවා ගැනිම් කටයුතු සිදු කරන්න වෙන්නේ නැ.

මැතිවරණයෙන් පස්සේ අපේ කාර්යය මණ්ඩලය හිගය සපුරා ගන්න පුළුවන් වේවි.

එසේ වුනොත් අපේ සේවාවන් වැඩි ගුණාත්මතාවයකින් ලබාදෙන්නේ පුළුවන් වේවි කියලා මන් විශ්වාස කරනවා.

මහජනතාවගෙන් ඉල්ලන්න කැමති තැපැල් ගැන තියෙන විශ්වාසය බිද ගන්න එපා , තැපැල තමයි ලොකේ තියෙන භාණ්ඩ හුවමාරුව සදහා තියෙන ප්‍රධාන මාධ්‍යය.

විද්‍යුත් වෙලදාම තිබුණට භාණ්ඩ හුවමාරු කරන්න බැ , හාණ්ඩ මිල දි ගන්න පුළුවන් නමුත්  භාණ්ඩයක් හුවමාරු කරන්න තාමත් ලොකයේ පිලිගත්ත ක්‍රමවේදයක් තියෙනව නම් එ තමයි තැපැල.

පෞද්ගලික ආයතන කොච්චර ආවත් අපි තරම් ශක්තිමත් ජාලයක් නැ’ යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ

54 views