දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන…

January 23, 2020 at 2:08 am | lanka C news
දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන…

දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කරයි. දැනට සෑම ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 20 ක සංවර්ධන ව්‍යාපෘති අවසන් වු වහාම මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමේ රජයේ වැඩපිළිවෙල වන සපිරි ගමක් ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම සදහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේ නව රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන යෝජනා ඉතා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවගේ ඉල්ලීම් වලට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි එය සිදු කිරීමේ අවශ්‍යතාවය ද රණතුංග මහතා මෙහි දි අවධාරණය කළේය.

මෙම රැස්වීමේ දි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

දහම් පාසල් සංවර්ධනය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුවයි මෙම සපිරි ගමක් ව්‍යාපෘතිය අවසන් වු වහා ම අපි තීරණය කළේ විහාරස්ථාන ඇතුළු සිද්ධස්ථාන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න. ඒ සදහා කොපමණ මුදලක් වෙන් කරනවාද කියන එක ගැන රජය මේ දිනවල සාකච්ඡා කරමින් යනවා.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ රටේ ආධ්‍යාත්මික වගේ ම භෞතික සංවර්ධනයත් නතර වෙලා තිබුණේ. රට හදන සෞභාග්‍ය යේ දැක්ම ජාතික වැඩපිළිවෙල තුළ තිබෙන දසවැදෑරුම් ප්‍රතිපත්තියෙන් එකක් තමයි විනයගරුක, නීතිගරුක, හා ගුණගරුක සමාජයක්. එවැනි සමාජයක් බිහිකරන්නේ නම් මෙරට දැන් අධ්‍යාපනය ඉහළ නැංවිය යුතුයි. දහම් අධ්‍යාපනය සිද්ධස්ථාන සංවර්ධනය මේ සදහා  අනිවාර්ය කරුණක්.

පසුගිය රජයේ ක්‍රියාකලාපය නිසා රාජ්‍ය නිළධාරින් පවා දැඩි අසීරුතාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ම තවමත් ඇතැම්  නිළධාරින් ඉන්නේ බියෙන්. මුදල් හා පරිපාලන රෙගුලාසි වලට බියෙන් අප මහජන සේවාව අඩපණ නොකල යුතුයි. අපි රාජ්‍ය සේවාව ශක්තිමත් කළා වගේම ඒක ආරක්ෂා කරන්නත් කැප වෙනවා. විශේෂයෙන් ම ඒ සදහා ඉදිරියේ දි අවශ්‍ය අණපණත් හදුන්වා දෙන්නත් අපේක්ෂා කරනවා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහි දි අදහස් දැක්වුහ.

– ප්‍රදීප් අනුර කුමාර

1,836 Viewers

2 Comments to “දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන…”

  1. Parakum says:

    Don’t get careed over, you are here only till April.

  2. හේෂාන් සිල්වා නොර්වේ says:

    මෙයා තනිකරම ගම්පහ රස්තියාදු කාර මැරයෙක් ..? අපි ඇහුව මෙය තර්ජනය කරනවා රජයේ නිලධාරියෙකුට පස් කපන්න පර්මිට් එකක් දුන්නේ නැහැ කියල ..මු හිතාගෙන ඉන්නේ මිනිස්සු බල්ලෝ බළල්ලු කියල වෙන්න ඇති …!!! ඒ ඇරෙන්න මේ පහුගිය දවස් වල අහිංසක ටැක්සි කාරයෙකුට මුගේ මැරයෝ තර්ජනය කරලා ගහන්න පනින හැටි සංචාරකයෙක්ම වීඩියෝ කරලා නෙට් එකට දාල මුළු ලෝකෙම දැක්ක …!!! ඉතින් මේ වගේ මැරයෝ ඇමතිවරු කලාම රටට තියෙන ගරුත්වය මොකක්ද …!!! ලැජ්ජයි නේද …!!! ගම්පහ නීති විරෝධී පස් කපන්නේ මෙය අනුන්ගේ ඉඩම් අල්ල ගත්තා .ඒවාට තාම නඩු ,එහෙම තියෙද්දිත් මෙයාට ඇමතිකම් දුන්නා මහින්ද ..? මේවා නෙවි අපි මේ පාර බලාපොරොත්තු උනේ .එත් වෙන්නේ ඉස්සර උන විදිහටමයි .සේරම එතනෝල් කාරයෝ ,කුඩු කාරයෝ දැන් ආයෙම ඇමතිවරු කරලා .
    හේෂාන් සිල්වා නොර්වේ

Main News