දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි ඔසුසැල් පිහිටුවයි..

October 15, 2016 at 2:06 am | lanka C news
දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි ඔසුසැල් පිහිටුවයි..

දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි ඔසුසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදී ඇත.

දැනට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි ඔසුසැල් 30 ක් දිවයින පුරා ක‍්‍රියාත්මකය. අඩු මිල ගණන් යටතේ ගුණාත්මක ඖෂධ පාරිභෝගික ජනතාවට ලබාදීම සිදු කරනු ලබන්නේ මෙම ඔසුසැල් මගිනි.

මෙම වසර අවසන්වීමට ප‍්‍රථම ගම්පහ, නාගොඩ, ෙබිරුවල සහ පිළියන්දල යන නගර වල ඔසුසැල් විවෘත කිරීමට සංස්ථාෙවි සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ මැදිහත්වීම මත පියවර ගන්නා බව එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා පවසයි.

– නිපුන් ඒකනායක

4 views
Main News