දිවා රාත‍්‍රි වැඩ කරන්නැයි ඇමති දන්වයි…

July 15, 2021 at 8:00 am | lanka C news
දිවා රාත‍්‍රි වැඩ කරන්නැයි ඇමති දන්වයි…

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටසේ ඉදිකිරීම් වල වත්මන් තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂන චාරිකාවක් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී නිලධාරීන් ඇමතූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම කඩවත සිට මීරිගම දක්වා වු මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කිරිමටයි බලාපොරොත්තු වනවා. එම නිසා නියමිත දිනට වැඩ අවසන් කිරිම සදහා දැන් සිටම සැලසුම් අනුව වැඩ කරන්න.

වැඩ ප්‍රමාදයක් පවතිනවා නම් දිවා රාත්‍රි වැඩ කර නියමිත දිනට වැඩ අවසන් කිරිමට සැලසුම් සකස් කරන ලෙසද නැත්නම් අවසන් කාලය වන විට සැලසුම අනුව වැඩ නිම කිරිමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවද පෙන්වා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටළුවක් පවතී නම් එම ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කර දීම සදහා තමන් මැදිහත් වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

තවද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මොනයම් හෝ ගැටළුවක් පවතී නම් කඩිනමින් අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත් කර ලෙසය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

27,447 views

6 Comments to “දිවා රාත‍්‍රි වැඩ කරන්නැයි ඇමති දන්වයි…”

  1. චන්ද දායක says:

    සෑහෙන මහන්සියෙන් ,කැපවීමෙන් වැඩ කරන දක්ෂ ඇමතිවරයෙක්. ඒ සමගම තම පුද්ගලික ව්‍යාපාර ද ඊට සමගාමීව දියුණුවට පත්වෙමින් පවතී . රටේ වාසනාව

  2. ගිජුලිහිණි සංදේශය says:

    රේන්ද රාලගේ බල්ලා මල දවසේ
    පාන්දරින් ආ සෙනගකි දස දහසේ
    රේන්ද රාලයා කලුරිය කළ දවසේ
    නිදිවරනා මැස්සෙක්වත් නැත නිවසේ

  3. Opa-dupa says:

    මහත්තයෝ ඔයා ඇමැති වෙලා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙනව . කඩවත -මීරිගම කරන්න ඉස්සර වෙලා අර ගිය ආණ්ඩුවෙන් 90% ක් ඉවර කරල තිබ්බ මීරිගම -පොතුහැර කොටස ඉවර කරන්න කො.

  4. පහනට ආ යකා ජාතික පෙරමුණ says:

    මේ කරන සේවයට තව බාර් පමිට් දෙක තුනක් වත් අඩුම ගානේ දෙන්න ඕන මෙතුමාට.

  5. අන්තරේ says:

    කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2021.03.26….දැන් විරුද්ධ වෙන අය ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වාද?

  6. desta says:

    gahana gehillak den tamai jhonta

Main News