දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කර නිදහස් කරනවාද.. තීන්දුව එන සදුදා..

November 27, 2020 at 1:20 pm | lanka C news
දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කර නිදහස් කරනවාද.. තීන්දුව එන සදුදා..

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් කෝටි 30ක් අයථා ලෙස පරිහරණය කළ බවට ගොනු කර ඇති චෝදනාවලින් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස නිදොස් කර නිදහස් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳව තීන්දුව එළඹෙන 30 නිදා ලබාදීමට නියමිතව තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 25 දිනයේ මේ බව දැනුම් දුන්නේය.

විත්තියේ නීතිඥයන් විසින් ඉල්ලා ඇත්තේ මෙම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා විත්තිකරුවන් සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

ඊයේ දිනයේ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන නවීන් මාරපන ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ

විත්තියේ නීතිඥයන් පෙන්වා දුන්නේ පැමිණිල්ලේ සාක්ෂි විභාග කළ අවස්ථාවේදී තම සේවාදායකයාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පුකොට නොමැති බවයි.

එනිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ද නීතීඥයන් ඉල්ලා සිටියහ.

16,794 views

24 Comments to “දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කර නිදහස් කරනවාද.. තීන්දුව එන සදුදා..”

  1. niroshan says:

    ජනාධිපතිතුමනි ඔබතුමාට අපි 69 ලක්ෂයක් එකතුවෙලා ජනාධිපති කිරුල පැලන්දුවා.19 වන ව්‍යවශ්ථාවෙන් ඔබතුමිගෙ අත පය බැදලා කීව නිසා
    තුනෙන් දෙකක් නැතුව 19 ව්‍යවස්ථාව වෙනස් කරල ඔබතුමාට නව ව්‍යවස්ථාවක් ඕනෙ කීවා. අපි හිතුව එක රටක් එක නීතියක්..මුස්ලිම්වරුන්ගේ කාති උසාවි.හිජාබ් එක. අනවසර මුස්ලිම් පල්ලි. අන්ක වාදි මද්‍රසා පාසැල්. වනාන්තර විනාශ. මේ එකක්වත්
    කරන්න ඔබතුමා අසමත් වුනා.අවසානයේ 69 ලක්ෂයක් ජනවරමට පයින් ගහලා අන්ත දුෂිතයෙක්ව
    නඩුවලින් නිදහස් කරන්න අපේ ජන වරම යොදා ගැනීම පළිබදව සියළුම රට වැසියන්ගේ කෝපය
    මෙ සල ප්‍රකාශ කරමු.

  2. Sena says:

    නැවත රාජපක්සල බලයට එනවා බොරු මුන්ගේ දරුවන්ටත් ශාප වෙනවා

  3. චමින්ද අයියා says:

    රන්ජන්ල නීතිය නමල පොලිස්කාරයොත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරල දාපු නඩුවෙන් නිදහස් වෙන්න ඕනෙ තමයි.

  4. ක්‍රිමිනල් says:

    නිදොස්කොට නිදහස් ! ආයේ මොන කතාද ? රටේ හැම අංශයක්ම කඩාගෙන වැටිලා හැබැයි මෙගොල්ලන්ගේ නඩු ටික ගොඩ ,ගජ මිතුරො ගොඩ , පවුලම ගොඩේ ගොඩ ! ඇටනම ලස්සේ පුන්නක්කු බෛයන්ට පිංසිද්දවෙන්න. 😂😂😂

  5. ගාමිණී says:

    කෙලින්ම අභියාචනාධිකරණයට තමා….

  6. Buwa says:

    Raspot Saarrrr. I am very proud of giving my vote to Gota…

  7. දැම්මා දිසා න යකා says:

    ඔන්න ඕකත් ඉවරයක් කරමු ස. ඔන්න 2015 මහින්ද ස පරදින්න ඔන්න මෙන්න තියලා අපේ බැසිල් ස මග නැගුමෙන් එක රැයෙන් කෝටි 7 ක් ගත්තේ නැහැ. අම්මපා සත්තයි. මම පල්ලා.

  8. saman says:

    ooka ithin ahanda deyakda. nidos thamaa. apee sisri bara siri lankaawane

Main News