දිවුලපිටියේ අහඹු පරීක්‍ෂණවලින් ආසාදිතයන් 35ක්.. ප‍්‍රජා සම්පේ‍්‍රෂණයක් යයි PHI කියයි..

December 2, 2020 at 6:31 am | lanka C news
දිවුලපිටියේ අහඹු පරීක්‍ෂණවලින් ආසාදිතයන් 35ක්.. ප‍්‍රජා සම්පේ‍්‍රෂණයක් යයි PHI කියයි..

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු හදුනාගෙන තිබේ.

අහඹු ලෙස සිදු කරන ලද කොරෝනා පරීක්‍ෂණ 202කින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත.

දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සදහන් කරන්නේ නව ආසාදිතයන් 35 දෙනා අතරින් 20 දෙනෙකු හදුනාගන්නා ලද්දේ ප‍්‍රජාව අතරින් බවයි.

එම රෝගීන්ගේ මූලාශ‍්‍රයන් සොයා ගැනීමට නොහැකි බවත් ඒ අනුව දිවුලපිටිය ප‍්‍රජාව තුල රෝගීන් විශාල වශයෙන් සිටිය හැකි බව විශ්වාස කරන බවද ඔහු පැවසීය.

21,801 views

4 Comments to “දිවුලපිටියේ අහඹු පරීක්‍ෂණවලින් ආසාදිතයන් 35ක්.. ප‍්‍රජා සම්පේ‍්‍රෂණයක් යයි PHI කියයි..”

  1. බන්ඩ says:

    එතකොට අර සේරම ⁣රෝගීන් කලින් රෝගීන්ගගේ ආසන්න අය වෙන්නෙ කොහොමද?

  2. ක්‍රිමිනල් says:

    ඊයේ මේ පාණ්ඩුවේ රෙදි අපුල්ලන ලොණ්ඩරිවලින් එකක් වන වසංගත රෝග විසේෂඥ්ඥයා කියනවා ,අනෙකුත් ආයතන වලින් කොවිඩ්19 ආසාධිතයන් හමුවන එකේ පාසැල් ආශ්‍රිතවත් එහෙම වෙන්න පුළුවන්ලූ , එහෙම කියන ගමන් අර ඉස්කොල ලේඛම් උන්නැහේ කියනවා , පැසැල් ආශ්‍රිතව ආසාධිතයන් හමු වුනොත් ඒ වගකීම තමුන් බාරගන්නවා කියලා ,මේ සෙත්තපෝච්චී පාණ්ඩුවට කිසිම වගකීමක් නෑ ,වැල යන පැත්තට මැස්ස ගහගෙන ගහගෙන යනවා ! මෝඩ පහ්‍ර්ර් බෛයො නොකා නොබී හුරේ දානවා..😏

Main News