දිවුලපිටියේ ඇගළුම් සේවිකාවකට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. 55ක් නිරෝධායනයට.. රජයෙන් ජනතාවට නිවේදනයක්..

October 4, 2020 at 8:40 am | lanka C news
දිවුලපිටියේ ඇගළුම් සේවිකාවකට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. 55ක් නිරෝධායනයට.. රජයෙන් ජනතාවට නිවේදනයක්..

ගම්පහ රෝහලට ඇතුළත් කළ ප්‍රතිකාර ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදන තිබේ.

වයස අවුරුදු 39 ක් වන මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර කිරීමෙන් පසු රෝගියා සුව වී නිවසට අවස්ථාවේ සිදු කළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

ඇය මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් ඇත.

එමෙන්ම ඇයගේ ආශ්‍රිත යන්ටද පරීක්ෂණ සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇය ප්‍රතිකාර ලැබූ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය පහළොස් දෙනෙකු නිරෝධායට ලක් කර ඇත.

ඇගළුම් සේවිකාවක් වන එම කාන්තාව සේවය කරන ලද ආයතනයේ 40 ක්ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වඩාත් සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි.

72,684 views

5 Comments to “දිවුලපිටියේ ඇගළුම් සේවිකාවකට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. 55ක් නිරෝධායනයට.. රජයෙන් ජනතාවට නිවේදනයක්..”

  1. රංජන් says:

    ජනතාවගේ ආතල් එක කඩන්න මේක හොඳ නිවුස් එකක්, අපේ බූරු හරක් හැසිරෙන විදිය අන්තිමයි!

  2. Praneeth says:

    අපේ අය හැසිරෙන්නෙ හැමදෙම ඉවරයි කියල හිතාගෙන. ගෙවල් වල නිරොදායනය වෙන අය හරියට නිරොදායනය වෙන්නේ නැ. මේ ලෙඩෙට අපි මිට වඩා අවදානය යොමු කරන්න ඔන. අපේ අය අඩි තක්සෙරුවෙන් ඉන්නේ තමන් ගැනම.

  3. Alapaluwa says:

    ගොන් බයියෝ ගෝට සර් කොරෝනා පැරද්දුවා කිය කිය ඉන්නවා මිසක් ෆේස් මාස්ක් එකවත් දාන්නෙ නෑ. මුන් නිසා තමා කෙලවුනොත්

  4. Killotaya says:

    Donald Trumpta hadunanam api mokunda?
    “Bulath paiyata hena gahuwama killoteta mokada wenne kiyala ahannath onada”

  5. Sarathkumaramudannayake says:

    පසුගිය දවස් වල අපේ මිනිස්සු හැසිරුණේ ලංකාවෙන් මේ වෛරය නැත්තටම නැති වෙච්ච ගානට.පේස්මාක්ස් එකවත් දාගෙන නොවෙයි පොදු ප්‍රවාහන වල යන්නේ .දාගෙන ගියත් යන්නෙ ඒක බෙල්ලෙ දාගෙන..
    දැන්වත් ආයෙ ඇස් ඇරුනොත් හොදයි

Main News