දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..

October 5, 2020 at 10:00 am | lanka C news
දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි පැය 72 කාලය ඉතාමත් තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් මෙම කාල සීමාවේදී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බවද ඔහු කියා සිටියේය.

එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්‍ෂණ ප‍්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනතාව සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙස ඉල්ලා සිටින හමුදාපතිවරයා අත්‍යවශ්‍ය නොවන කටයුතු නිවසින් බැහැර නොවන ලෙස ද ඉල්ලා සිටී.

සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි.

137,895 views

14 Comments to “දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..”

  1. Nuwan says:

    බ්‍රැන්ඩික්ස් කාගෙද?

  2. අතුලසෞදි says:

    කවුරු ඇහුවත් මන්ද මානසික ප්‍රශ්නයක් ..අවුරුදු 72 ,ක් රට මෙහෙම තියෙන එක පුදුමයක් නොවේ .

  3. prabath says:

    However this is my point of veiw only immidetely at least week of time close down the entire gampaha district and do PCR test .including industrial zones . and ensure free from threat of covid

  4. sihala yaka says:

    ලාංකිකයන් අතර දැන් ඕක කොහොමත් පැතිරිලා. මෙහේ කෑම කන අයට සුද්දන්ට වගේ අමාරු වෙන්නෙ නැති බව මේකෙන් වත් දොස්තරලා තේරුම් ගනී.

  5. Please drive Economy only. Education to be done via online or paper or through the post office for another 1 years of time.

  6. Billa says:

    දිවුලපිටියේ කොරොනා වැලදුන ගැහනිය තමන් ඇසුරු කරපු රෝගියා ගැන එලි නොකරන්නේ ඇයි?ඇය ආරක්ෂා කරන්නේ කාවද?

  7. Sirimal says:

    Kandewatta wunat mokada

  8. Rajapaksa says:

    Brandix aytthikaraya Muslim thambiyek.

  9. aniwa says:

    At least people now need to realise that you have to live with the virus you just can’t shut down a country like this. This is what the rest of the world do. Almost 500 people have killed themselves due to corona virus related issues during the last 6 months if you don’t know.

Main News