දිස්ත‍්‍රික්ක පහකින් කොරෝනා පොකුරු යලි පත්තු වෙයි..

November 19, 2021 at 3:22 am | lanka C news
දිස්ත‍්‍රික්ක පහකින් කොරෝනා පොකුරු යලි පත්තු වෙයි..

අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සියලු අවස්ථාවන්හි පොකුරු වාර්තා වන්නේ මංගල උත්සව, මළ ගෙවල්, පින්කම් ආදී මහජන ඒකරාශී බිම් හරහා බවද ඒ මහතා පැවසීය.

එනිසා හැකිතාක් දුරට මහජන ඒකරාශී වීමෙන් වලකින ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

41,570 views

7 Comments to “දිස්ත‍්‍රික්ක පහකින් කොරෝනා පොකුරු යලි පත්තු වෙයි..”

  1. ඡාතික අවශ්‍යතා මගහරිමින්,බටහිර ආක්‍රමික ව්‍යාප්‍රෘථි රටතුළ ක්‍රියාත්මකයි,.! says:

    ”සැබැ අභියොගයන් ආක්‍රමනයන් වංචාසහගතලෙස සඟවමින් දූශිත මුග්ධ පාලකයන් නොමග යවමින්,ඡාතික අවශ්‍යතා මගහරිමින්,බටහිර ආක්‍රමික ව්‍යාප්‍රෘථි රටතුළ ක්‍රියාත්මකයි,.!
    ”ක්‍රෘතීමව ගැටළු ප්‍රශණ නිර්මාණය කරමින් නිර්මාණය කරනු ලැබූ ක්‍රෘතීම වංචනික නිර්මානික ගැටළු සඳහා , ඵන්නත්කරනය වැනි වංචනික විසඳුම් ලබාදෙමින්, ඡනතාව නොමග යවමින්, රටේ ධණය භුමිය ආක්‍රමිකයන් අත්පත්කරකනීමට සූකෂමලෙස සැලසුම් ක්‍රීයාත්මකයි,.!
    ෴”රටතුළ සිදුවනදේ ගැඹුරින් අධ්‍යනය කිරීමට සහ විසඳුම් සඳහා පෙළගැසිමට සිව් හෙළයට බුද්ධිමත් සැට සිදුකරනා විවෘත ආරාධනාවයි,.!෴

  2. Priyantha says:

    විශාලතම ඒකරාශි වීම….පාසල් පද්ධතිය..කිසිදු වග විභාගයක් නොමැතිව දරුවන් අනතුරේ හෙලා ඇත… ප්‍රාථමික පාසලකට ගිහිං බලන්න…තෙරෙන්නෙ නතිනම්…

  3. බන්ඩා says:

    අද මිනිස්සු මල ගෙවල් විසිට් කරන්නෙ කොරෝනා අහලවත් නැති ගානටය්. අපේ උන් සියල්ලටම වරද පටවන්නෙ රජයටය්.

  4. The Funeral Director says:

    පොකුරැ වැඩිහරියක් විපක්ෂ ඒකරාශී වීමි හරහා සිදුවන බවත්, ආන්ඩු පක්ෂයේ ඒකරාශි වීමි හරහා ඩොලර් සංචිත වල කිසියම් ඉහල යාමක් පෙන්නුම් කරන බවත් මහාචාර්ය බකමූනා පැවසීය.

  5. සිරා says:

    තෙල් නෑ ගෑස් නෑ..හොටල් වල කඩවල උයන්න බෑ.වාහන වලට තෙල් නෑ..ඉස්කෝල ඇරියට යන්න බෑ.
    කොරෝනා හරි මහමාරිය හරි කියලා රට වහනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.

  6. Dharshana Abeykoon says:

    ගොවිපොකුරට සහ සජිත් පොකුරට අපගේ මෙිවිවා එක

  7. Silva says:

    මිනිස්සු පිස්සු නටලා නටලා උන්ගේ වරද රජය පිටින් දාලා මහපාරට බැහැලා අඳෝනා කියව කියව ඉන්න කාලකන්නි හැත්තක්.

Main News