දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු..

October 24, 2020 at 10:00 am | lanka C news
දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු..

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.

107,244 views

17 Comments to “දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු..”

  1. කාන්තාර පළඟැටියා says:

    මේ කියන කාරණාව සම්බන්ධයෙන් අපත් එකඟයි .. ( රටේ මිනිස්සු බොහොමයක් කියන්නේ “ද්විත්ව පුරවැසි වගන්තිය” නිසා ඇඳිරිනීතිය දැම්මෙ නෑ කියන එක. ) ඒකේ ඇත්ත නැත්ත කොහොම උනත් අපගේ අදහස කොරෝනා වැඩියෙන්ම පැතිරී තිබෙන දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය දමන්න ඕනෑ කියලයි. ඇත්තටම මේක කරන්න තිබ්බෙ බ්‍රැන්ඩික්ස් පොකුර හමුවූ විගසම. අඩුම ගානේ එදා සතියක්වත් දැම්මනම් මෙදා මේ වෙලා තියෙන විනාසෙ හතරෙන් තුනක් නෑ….

  2. Hi says:

    මේක නම් හොදයි.මොකද මම දන්න රජයේ සේවකයො ඉන්නවා උදේ සවස කෝච්චියෙන් කොළඹ වැඩට එන.
    සමහරු බෙලිඅත්ත/ හක්මන පැති වලින් එන්නේ.
    ඉතින් නිකන්ම මේ පැති වලටත් පැතිරෙයි.හරියට පෑලියගොඩ වගේ.

  3. බකට් හැරී says:

    රට වහන්නෙ නැතුව අතනින් මෙතැනින් මතුවෙද්දි එතැන එතැන වහන මේ ක්‍රමවේදය අසාර්ථකයි. එහෙම නම් මේ ක්‍රමය පූර්ණ වශයෙන් වෙන රටවල පාවිච්චි කරනවා. බ්‍රැන්ඩික්ස් අය අහු වුන ගමන් රට වැහුව නම් අඩුමගානෙ දවස් 10 කටවත්… මේ ලෙඩ්ඩු ගාන 2000 ට විතර අඩුවෙනවනෙ… මෝඩ වැඩක් අපි කරගත්තෙ

  4. Shan says:

    ලංකාවටම එක පාර දවස් විසි එකක් ඇඳිරි නීතිය දැම්මා නම් ඉවරයි මේ උගතුන්ට කෙල උනාට පස්සේ ේ ප්‍රශ්නෙ එන්නේ නැත්තං වවාගෙන කනවද ගම්පහ අපිට දැන් දවස් විස්සකට වැඩි ඇඳිරි නීතිය රැකියාවක් නැහැ ඔය විදිහට කෑල්ලෙන් කෑල්ල ට ඇඳිරි නීතිය දාන්න ගියොත් මෙහෙ මුන්ට කොරෝන වලින් නෙවෙයි මැරෙන්න වෙන්නේ කන්න බොන්න නැතුව

  5. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    තාම 15 යි නේ සාන්ත. ඇයි කලබල. සවුක්‍ය ඇමති කෙලින්ම කිව්වනේ මේකේ සමාජ පැතිරීමක් නැහැ කියල. ඉතින් තව ටිකක් බලලම තීරණයක් ගමු නේද සාන්ත.. මට කලන්තේ වගේ සාන්ත.

  6. ක්‍රිමිනල් says:

    ලොක්ඩවුන් කරන්නේ මොකටද?
    අපේ දොස්තර සජී තුමා කියන දේ අහල පකනිල් බිවුව නම් ඉවරනෙ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • ක්‍රිමිනල් says:

      හැම වෙලේම ප්ලැකනිල් අල්ලගෙන නෙලන හින්දා උබගේ ටීක් බෝලයක් තරං මොලේට තෙරේන විදියට කියන්නංකො , කොවිඩ් පලමු රැල්ල ආපු දවස් වල මහාචාර්ය චන්න ජයසුමණ තමන්ගේ මුහුණු පොතට එක්කරනවා පොස්ට්ටුවක් හයිඩ්‍ක්රොසී ක්ලොරො කිවීන් මගීන් කොවිඩ් ආසාධිතයන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා.හයිඩ්‍රොක්සි-ක්ලෝරෝ-ක්වින්, ප්ලැකිනිල් යන වෙළඳ නාමය යටතේ තමයි වෙළද පොලට නිකුත් වන්නේ ; බුරූ පුතාගේ කතාවට නෙලන ගමක් , උබලගේ මහළොකු චන්න ජයසුමනටත් ටොක්කක් ඇනපං, මොකද චන්න ජයසුමන කියන්නේ මහාචාර්යවරයෙකු හින්දා.

      • ක්‍රිමිනල් says:

        අපේ දොස්තර සජී තුමා කියන දේ විතරයි අපි විශ්වාස කරන්නේ.
        චන්න ජයසුමන කියන්නෙ කවුද?

  7. සමන්ත says:

    ගම්පහ වැහුවොත් ආර්ථිකය කඩන් වැටෙනවා කියලා නිකම්ම හිටියා. මුලින්ම ගම්පහ වහලා දැම්මා නම් මෙච්චර කොරෝනා ව්‍යාප්ත නොවෙන්නත් තිබුනා. ජනගනත්වය වැඩි නිසා ගම්පහ කොරෝනා පැතිර යාම වේගවත් වුනා. ප්‍රමාද වෙලා හරි තීරණය කරපු එක හොඳයි. මිනිසුන් නැති රටක ආර්ථිකය හදාගෙන මොනවා කරන්නද? මුලින්ම සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න වෙනවා දෙවැන්න තමයි ආර්ථිකය. දැන්වත් නිවැරැදි තීරණයක් අරගන්න.

  8. Nuwan says:

    රටම වහලා රජයට ව්යිද්‍ය වරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය ඉන්දියාව ඇමරිකාව ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත lock කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ . දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට පැය 5න් 6න් යන්න පුළුවන් . සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්

  9. Himali says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

  10. yaka says:

    eda weela hamaba karagenankana ekata thamayi thopi okomankelawanne.. thopi okoma andiri neethiya daapan kiyala ka gahanava giya wathawe thibuna okoma badu ugas karala masa deka kawe.. mee para oya andirineethiya dapala kiyana ewunge gewal walata panala beli mirikala thiyena dewal aragena yanava..

Main News