දිස්ත‍්‍රික්ක 08ක් බරපතල අවදානමක.. වහා වසා දමන්නැයි දන්වයි.. නැතොත් රටම අනතුරේ…

May 2, 2021 at 11:20 am | lanka C news
දිස්ත‍්‍රික්ක 08ක් බරපතල අවදානමක.. වහා වසා දමන්නැයි දන්වයි.. නැතොත් රටම අනතුරේ…

මෙරට දිස්ත්‍රික්ක 8ක කොරෝනා ව්‍යාප්ති තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වාදී ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තත්ත්වය ඉදිරියේදී තවත් බොහෝ බරපතළ වීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම දිස්ත‍්‍රික්කවල පවත්නා බරපතළ තත්ත්වය අනෙක් දිස්ත‍්‍රික්කවලද බරපතළ ලෙසින් ඇතිවණු ඇතැයි ද එම සංගමය රජය වෙත දැනුම් දී තිබේ.

සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරන්නේ මෙම දිස්ත්‍රික් තුල පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, ආසාදිතයන් රෝහල් ගත කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීමද ප්‍රමාද වී ඇති නිසා තත්ත්වය බරපතල බවයි.

මෙම බරපතල තත්ත්වයෙන් ගැලවීමට නම් වහා සංචාර සීමා පැනවීමට කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට පෙන්වා දුන් බවද ඔහු කියා සිටියේය.

141,857 views

15 Comments to “දිස්ත‍්‍රික්ක 08ක් බරපතල අවදානමක.. වහා වසා දමන්නැයි දන්වයි.. නැතොත් රටම අනතුරේ…”

  1. කේලමා says:

    ඔහෙලට පිස්සියැ , තාම සමාජ ගත වෙලත් නෑ . ඉන්නවකො කට පියං , ඔක්කෝම බූගත වෙනකං .

  2. දැන්ම මැරෙන්න බෑ says:

    ඔය මොනව කිව්වත් අද හවස 5-6 වෙද්දි අහන්න පුළුවන් පන්සල්වල ලවුඩ්ස්පීකර් මහා සද්දෙට දමාගෙන බෝධි පූජා තියන හැටි

    • සලකුණ says:

      ඔවු අර බොරැල්ල හන්දියේ මැද බෝධියක් තියෙන පොඩි පන්සලේ, පාන්දර 5 ටත් මහා හඬින් පිරිත් දානවා, ආයිමත් හවසට. ඉන්න නෑ සද්දේ.

    • හෙළයා says:

      බෝධි පුජා තිබීමෙන් සිදුවන්නේ රටට ආශීර්වාදයක් .මේ බෞද්ධ රටක් …ඇයි උබට ඒගැන ඔයතරම් අමාරුවක් ,උබ හම්බයෙක්ද ? පලයන් මැදපෙරදිගට .. එහෙ හැමදාම සද්දේ තමයි අල්ලාහ් වදිනවා කෑගහමින්

    • මනස්ගාත පෙරමුණ says:

      හෙළයා නමින් කමෙන්ට් කරන මෝඩ පරයාට … උඹලා වගේ උන් නිසා මිනිස්සු දහමින් ඈත් වෙනවා. ඒ උඹලා ධර්මය වෙනුවට අධර්මය පතුරුවන නිසා.. ධර්මයේ නාමයෙන් මිත්‍යාදෘෂ්ඨික වැඩ කරනනිසා. ගස් ගල් වන්දනාව ගැන බුදුන් වහන්සේ දෙසූ දේ වත් හරී හැටි නොදන්න තෝ මොන හෙළයෙක්ද පරයෝ ?

      • twister says:

        මනස්ගාත පෙරමුණ නමින් කමෙන්ට් කරන මෝඩ පරයාට —-
        mona harakekda me ?

  3. DENZIL says:

    Koo ma ma pessu puso set akanededa

  4. විපත්මග says:

    අපිට ඕනේ මිනිසුන් නැති ආර්ථික ක්‍රමයක්.

  5. Prabath says:

    පලයං මෝඩ මූසලයා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නේ නැතුව . තොපි වගේ කාලකන්නි කෑ ගැහුවට lockdown කරන්නේ නැහැ

  6. මිල්රෝයි වෙන්නප්පුව says:

    මේවා ආණ්ඩුව අපහසුවට පත්කරන්න ජේවීපී එකෙන් කියන බොරු කතා. තාම දවසකට 11 කට වඩා මැරුණෙත් නෑ. දාහකට වැඩිය ලෙඩ්ඩු දවසකට වාර්තා වෙලත් නෑ. ඉන්දියාවේ වගේ ඔක්සිජන් හිඟයකුත් නෑ. අනෙක අද මම වෙන්නප්පුවේ සමාජයට ගියා. මම නම් දැක්කේ නෑ සමාජයේ ලෙඩ්ඩු ඉන්නවා. ඉතින් අයිසේ මෙහෙම බොරු නිව්ස් දාලා මිනිස්සුන්ව බය කරලා උන්ගේ ආතල් කඩන්නේ නැතිව ඉන්නවාකෝ.

    • sunimal says:

      කොරෝනා වලට බිය විය යුතු නැත ..තමන් පරිස්සම් වීමයි කල යුත්තේ …එය සමාජයේ වගකීමක්

  7. Thinker says:

    Better closedown airport for few weeks rather than whole lockdown. few countries successfully controlled Covid19, they immediately closed the airport. they really knows, until airport closed down airport , can’t be taken any successful progress. but, Sri Lanka totally different, They already open an airport , Indian people came to Sri Lanka in a bubble shift, Very sad, govt. officers, politicians will sick all people asap, until taking correct decision real-time.

  8. Antidora says:

    Kiyanawa – kawuda ahanne??
    Avuruddhata 1wave eka wage Rata vahuwanam? Nathnam 19th April sitawath wahuwanam dawas 7-10 .. contact tracing , isolation , quarantine walin 3rd wave eka yam palanayak karanna thibba.. inpasu thawa masa 3k Rata aragena yanna thibba.. than Rata ebay wahei minissu ledaunama , marena kota, bayawunama.. artikaya rakaganna amaru wei..

  9. PULATHISI says:

    1.කොරෝනා මර්දනය සඳහා එන්නත් නැහැ කියලා උද්ඝෝෂණය කළා. අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා එන්නත් ගෙන එන වැඩපිළිවෙළ ආරම්භ කළා.
    2. එන්නත්කරණය නිසිපරිදි කෙරෙන්නේ නැහැ කියලා චෝදනා කළා. වෘත්තිකයන්ට සහ වයස්ගත ක්ර්මය අනුව එන්නත් කිරීමේ සැළසුම ඉදිරිපත් කිරීම අනුව ඔවුන් නිරුත්තර වුනා.
    3. රුසියානු “ස්පුට්නික්” එන්නත සහ චීන “සිනොෆාම්” එන්නතට එරෙහිව විවිධ ආකාරයේ දුර්මත පළකළා. අපට ලැබී ඇති හය ලක්ෂතයක් පමණ වන සිනෝෆාම් එන්නත ජනතාවට ලබා නොදෙමින් ගෙන යන කඩාකප්පල්කාරී ක්රිසයාදාමය සිදු කරනු ලබන රාජ්යටවිරෝධීන් තුන්වන රැල්ලේ වගකීම බාරගත යුතු අතර රජය විසින් ඔවුනට දඬුවම් කළ යුතුය.
    4. දෙශීය වෛද්යන ක්ෂේේත්රගයේ විවිධ වෛද්ය වරුන් විසින් නිෂ්පාදනකර ඩෙංගූ උවදුර සහ කොරෝනා උවදුර මර්දනය කිරීමට ක්රි්යා කළත් ඒවාට විවිධ ආකාරයේ යටිකූට්ටූ ක්රිනයාදාමයන් මගින් ඉතා ක්ෂූිමාකාරයෙන් නියම ආකාරයට ප්රයතිපල ලබාගැනීමට නොහැකි වන පරිදි ක්රිියා කිරීම පිළිබඳව සෞඛ්යෂ රාජ්යම ඇමතිවරිය වගකීම භාරගත යුතුය. වරක් දෙක්ක නොව කීපවරක්ම ඇය ප්රකසිද්ධියේ දේශීය හෙළ වෙද ක්රමමය ප්රරසිද්ධියේ හෙළා දකින ලදී. එපමණක් නොව අවම වශයෙන් සුදු ලූනු, ඉගුරු, කොත්තමල්ලි බීම පවා හෙළා දකින ලදී. කොරෝනා උවදුර ව්යායප්තවීම හේතුවෙන් ඇය ඉල්ලා අස්විය යුතුය.
    5. පසුගියදා විපක්ෂෝ නායක විසින් යුරෝපා තානාපතින් කැඳවා රජයට එරෙහිව පවත්වන ලද සාකච්ඡාවද මෙම “බෝර්න් එගෙයින්” කල්ලියේ අදෘශ්යවමාන හස්තයේ ප්ර තිඵලයක් විය හැකිය. හේතුව විපක්ෂන නායක ද එම කල්ලියේ ප්ර තිලාභ ලබන්නෙකු යයි කියන ප්රිසිද්ධ රහස නිසාය.
    6. දේශීය වෛද්යු කටයුතු පිළිබඳ රාජ්යල ඇමතිවරයා ඉතා ක්රිලයාශීලීව එම කාර්යියන්හි යෙදුනත් එම ක්රිෛයාවලිය එකවර කඩාවැටුණූ බවක් පෙනෙන්නට ඇත. එහිදී ඔහුව ඉතා ආදරයෙන් වඩාගෙන ඈතට විසිකරන ආකාරයෙන් ඔහුගේ වැඩපිළිවෙළ කඩාකප්පල් කළා දැයි ඉතා සංවේගී හැඟීමක් පහළවේ.
    7. කොරෝනා පළමු රැල්ලේදී ආයුර්වේද රෝහල් පවා ප්රළතිකාර සඳහා උපයෝගීකරගත් නමුත් දැනට උදාවී තත්වය අනුව මෙවරත් ආයුර්වේද රෝහල් යොදා ගැනීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමුවීම මැනවි.

Main News