දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය සදුදා සිට ලිහිල් කරයි..

April 17, 2020 at 10:00 am | lanka C news
දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය සදුදා සිට ලිහිල් කරයි..

රටපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව මුල් වටයේ දී දිස්ත්‍රික් 21 ඇදිරි නීතිය එන සතිය මුල ලිහිල් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම්කර ඇති දිස්ත්‍රික්ක 06 හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමට යෝජනා වී තිබේ.

කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය එන සතියේ ඉවත් නොකරනු ඇති අතර එය තවදුරටත් පවත්වාගෙන යාම ගැන මේ මස අවසානයේ තීන්දු කිරීමට නියමිතය.

ඇඳිරි නීති ලිහිල් කළ ද එම සියළු ප‍්‍රදේශවල කටයුතු සිදුකරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට ගනිමි.

කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්වල ඇදිරි නීතිය ලබන සදුදා උදේ 6.00ට ඉවත් කරන බව දන්වා තිබුනද එය යළි ක්‍රියාත්මක වීම ගැන මෙතෙක් දැනුම් දී නැත.

350 views

4 Comments to “දිස්ත‍්‍රික්ක 21ක ඇදිරි නීතිය සදුදා සිට ලිහිල් කරයි..”

  1. thus says:

    ඇදිරි නීතිය ඉවත් කිරීම යන වචනය වෙනුවට තෝරාගත් ක්ෂේත්‍ර සදහා නිසි අධීක්ෂණයක් යටතේ පවතින සීමා කිරීම්(නීති) ලිහිල් කරනවා ලෙස භාවිතා කරමු

    • නයා says:

      ඉතාම වැද්ගත්,
      ගාල කඩාගත් හරක් රැල වගේ ආයෙත් හැසිරුනොත් වැඩේ නරක් වෙන්න ඉඩ තියෙනවා

  2. Love nature says:

    සෑම ගමකට නගරයකට ජංගම සේවය මගින් එදිනෙදා උවමනා කරන දේවල් රජයේ මිලට ලබා දීමෙන් මෙය පහසුවෙන් පාලනය කරගත හැක මෙය හමුදාවට බාරදීම ඉතා සුදුසුය.

    • කටු කන්නා says:

      මගුලක් කියවනද ? එව්වා හමුදාවට දුන්නොත් අපි ගොඩයනවා බොරු තමයි. මේක තමයි චන්ද ප්‍රචාරණයට ලැබුණු හොඳම අවස්ථාව. ප්‍රශ්නෙකට තිබ්බේ අර ග්‍රාමයෝ ටික තමයි. උනුත් එලෙව්වා දැන්. ඇඳිරි නිතිය තව සතියක් වත් තියන්න ඕන. ඊට පස්සේ ඕන එකක්.