දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලංකාවේ දුප්පත්ම ගමක පන්සලක පවත්වයි.. ජනපති මැති ඇමතිවරු බණ ශාලාවේ.. නිලධාරීන් මිදුලේ.. [Photo]

February 28, 2020 at 10:00 am | lanka C news
දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලංකාවේ දුප්පත්ම ගමක පන්සලක පවත්වයි.. ජනපති මැති ඇමතිවරු බණ ශාලාවේ.. නිලධාරීන් මිදුලේ.. [Photo]

දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විණ.

සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ජනාධිපතිතුමා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය.  කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඕව්හු පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇත. ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙමගින් ඉහළ ආදායමක් ලැබේ. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇත. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබේ. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය  වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.  කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන්  විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට  පසුබිම  සකසන්නැයි එතුමා පැවසීය.

නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන්  විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන්නැයි කීය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යතාවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. වෛද්‍යවරු, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වේ. හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද පියවර ගනු ලැබිණ.

හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටළුවලට ඒ මොහොතේම විසඳුම් ලැබිණ. උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත් කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය.

ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන්  පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

 මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

88,964 Viewers

17 Comments to “දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලංකාවේ දුප්පත්ම ගමක පන්සලක පවත්වයි.. ජනපති මැති ඇමතිවරු බණ ශාලාවේ.. නිලධාරීන් මිදුලේ.. [Photo]”

  1. ජනාධිපතිතුමා කරගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් කාලෝචිතය.දහස් ගුණයක් මුදල් වැයකර මුළු ගාල්ල නගරයම මාර්ග අවහිර කර ප්‍රශ්න නිරාකරණය කරනවානම් කොපමණ සුන්දරද?****{මෙම කාර්ය මුල් මාස කීපයට පමණක් සීමා නොකරන මෙන් කාරැණික ඉල්ලා සිටිමි}****

  2. siri says:

    theruwan saranai rate wasanawata apita labunu janapathithmata.

  3. Patriot says:

    If u really want to develop my country this is the best approach. Otherwise if u wait for reports from ministers & their staffs u will never get the real picture. As a president he is working really hard to do something right. Lets hope its carry out beyond the election period too.

  4. Sun says:

    The main reason for the drinking water problem is deforestation. Olden days there were government lands in the local areas with all sorts vegetation. People started cutting down trees and planting commercial basis. We lost the valuable trees as a result of that trend. Now it is critical and if we do not attend the problem with an understanding of the nature, otherwise, we are going to face the running water problem. So all have to get together and find a solution rather than planting commercial plants, otherwise very soon we are going to face the running water and drinking water problem.

  5. පාඨකයා says:

    හද්දා පිටිසර ගමේ තියෙන රැස්වීමට මොනවටද ටයිපටි
    නිලධාරිවාදයට තුඩුදෙන මේ ටයිපටිය බෙල්ලෙන් ගලවන එකත් ජනාධිපතිතුමා කළ යුතුය.

    • sw says:

      ටයි පටි ලෙඩේ හැදුණේ රණසිංහ ප්‍රේමදාසට .ඊට පස්සේ ලෙඩේ දිගටම තිබුණා

    • Vimarsha says:

      ඔය පාරේ ඔහොම යං ….අනවශ්‍ය දේ ගැලවිලා යයි එතකොට…

    • MD says:

      Rajaye niladariyekuta kuburak lagata yanakota Amuda adinna bahane Pathaka.Nadukaraya kumbure miniyak parikshakaranna Amuda gahagena yaida.

    • hgdd says:

      niladhaariwadaya thiyenne tie eke newe yako.

  6. Dikman Aiyya says:

    …no monies in the treasury,…Billions of rupees ..all busted with in just 4 years. Monies gone NO trace of their utilization. THANK YOU Mr PRESIDENT,..we appreciate your honest effort in putting this country back on track again,..

  7. Love nature says:

    සිංහල ජන ජීවිතය තුළ සෑම අතින් ම ප්‍රකට වනුයේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණයි. සිංහල ඉතිහාසයේ සැලැස්ම බෞද්ධ ඉතිහාසය යි. ජාතියත්, ආගමත් තුළ මෙ තරම් සැබැඳියාවක් එක්කළ සිදුවීමක් මහින්දාගමනය හැර තවත් ඇතැයි, අපට කිසිසේත් ම කිව නොහැකි ය. බුදුසමයත් ලංකා සංස්කෘතියත් ඒ තරමට ම එකිනෙකින් වෙන් කළ නො හැකි ලෙස වෙනස්ව හැඳින්විය නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බව මේ අනුව පැහැදිලි ය.

    වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන මනා සංස්කෘතියක සබැඳියාව ලක්දිව ඇතිවූයේ මෙම පසුබිම තුළ යි.

  8. Love nature says:

    ”වැවයි දාගැබයි ගමයි පන්සලයි” සංකල්පය හා බද්ද වෙමින් අපේ අතීත මුතින් මිත්තන් පරිසරය හා බද්ද වෙමින් අතීතයේ කටයුතු කරන ලදී.ඔවුන් පරිසරය හා දැඩිව බද්ද වෙමින් ගොවිතැන් හා අනෙකුත් කටයුතු කරන ලදී.පරිසරයට කිසිඳු හානියක් නොකර පරිසර පද්ධතියේ සරල වෙනස්කමක් කරගනිමින් ගොවිතැන් බත් කිරීම අපේ මුතුන් මිත්තන්ගේ හුරුකමක් වුණා.සොබා දහමට අනුකූලව ගොවිතැන් බත් කිරීම අපේ මුතුන් මිත්තන්ගේ හුරුකමක්-නැතිනම් සම්ප්‍රදායක් වුණා.මේ නිසා ගොවිතැන් කළේද එම වගාවන් ආරක්ෂා කරගත්තේ ද සොබාදහමට අනුකූල ක්‍රමෝපායන් උපයෝගී කරගෙනයි.ගොයමට වැළඳෙන ලෙඩ රෝග රැසක් මර්දනය කරගැනීම පිණිස සොබාදහමේ පිහිට පැතීමද සිදුවුණා.
    ඒ අනුව ගොයමට පණු රෝග වැළඳෙණ විට බට ගෑම සිදු කලා.බට ගෑම සඳහා තරමක් හොඳින් වැඩුණු උණ බටයක් ගන්නවා.එය බඹ තුනක් තරම් ද්ගට ගන්නට ඕනෑ,ඊට පසුව එම උණ බටය පුරාම මිශ්‍රණයක් තවරා ගන්නවා එනම්,කොහොල්ලෑ-දළුක් කිරි හා වරා කිරි එකට මිශ්‍ර කර ඒවාඋණුකර ගැනීමෙනුයි මෙම මිශ්‍රණය තනාගන්නේ.මෙලස තනාගත් මිශ්‍රණයෙන් ආලේපිත උණ බටය දෙකෙළවරින් දෙදෙනකු අල්ලා පණුවන් වැළඳී සිටින ගොයම තලාගෙන යනවා.මෙය බට ගෑම නමින් හඳුන්වනවා.එවිට උණ බටයේ තැවරූ මිශ්‍රණය නිසා පණුවන් මියයනවා.එමගින් වගාවට හා පරිසරයට කිසිඳු අනතුරක් නොවී සොබා දහමට එකඟව රෝග මර්දනයක් සිදුකර ගැනීමට හැකි වුණා.
    මෙය ඉතා ප්‍රබල පරිසර ආරක්ෂිත ක්‍රමෝපායක්.අද දවසේ වුවත් ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකියි.ඊට මුදල් වියදම් වෙන්නෙ නැහැ.ඒ වගේමයි පරිසර පද්ධතියට කිසිඳු අයුරකින් හානියක් වෙන්නෙ නෑ,මෙය අප වටහා ගතයුතු වැදගත් කරුනක්.

    • හරියටම හරි.. මෙබදු සියුම් ක්‍රමවේදයන් වලි සපිරුනු දේශීය දැනුම් සම්භාරයක් තවමත් අපගේ වැඩිහිටි ගොවි පරම්පරාව අතරේ පවතිනවා.. පළමුව මේ දැනමුත්තන් ගම් මට්ටමින් හදුනාගෙන ඔවුන්ට අවස්ථාව ලබා දී ඔවුන්ගේ ඒ දැනුම් සම්භාරය තරුණ පරම්පරාව අතරත් ඔය ටයිපටි හිරකරගත් නිළධාරීන් අතරත් බෙදා හැරීමට සැළැස්විය යුතුයි. අපගේ මහ පොළවටත්, පරිසරයටත්, දේශගුණයටත් ගැලපෙන එම ක්‍රමවේදයන්ට අනුව ගොවිතැනත්, වාරි කර්මාන්තත් කළහොත්, තවත් චිරාත් කාලයක් අපගේ පරිසරය රැකෙන අතර රට ආර්ථික වශයෙන් සුරක්ෂිත වනු ඇත.
      ගොවි තැනට නුසුදුසු රටවල් කර්මාන්ත පසුපස හබා ගියාට අපට සොබා දහමින් ලැබී ඇත්තේ ගොවිතැන මත යැපිය හැකි රටක්..
      ගෝඨාභය මැතිදුන් පළමුව අවධානය යොමු කළ යුත්තේ දේශිය පැරණි ක්‍රමවේද මත පදනම් වී කෘෂි කර්මාන්තයත්, වාරි කර්මාන්තයත් නගා සිටුවීමයි..

  9. Maximum amont to be decided to AL , OL and Grade 5 to develop our economy and the living conditions of the people. Upto now it is seriously high.

  10. Kandy Man says:

    ජනපති ගෙනයන වැඩපිළිවෙළ සක්තිමත් කිරීමට විමල් වීරවංශ ඉහළින්ම දිනවා ඔහු අගමැති කරවමු මහින්ද පිස්සු කෙලින්නේ ඔහු පරදවමු අගමැති කමට සුදුසුම විමල් වීරවංශ පමණි

    • hgdd says:

      Kawda ooi mee buuruwa???

    • හාරත බූරුව says:

      Admin staff මෙයා දැම්ම ඉදන්ම පුතාණෝගෙ election campaign එකට බැහැල ඉන්නෙ කල්පනාවෙන්….

Main News