දිසාපතිවරුන් සමග වැඩ කරන්න අමාරුයි.. ඒ ගැන ඇමති චමල්ට ලිපියක් බාර දුන්නා..

March 30, 2021 at 6:48 pm | lanka C news
දිසාපතිවරුන් සමග වැඩ කරන්න අමාරුයි.. ඒ ගැන ඇමති චමල්ට ලිපියක් බාර දුන්නා..

රජයේ නිළධාරින්ට දොස් පවරනවාට වඩා රජය විසින් ගන්න ප්‍රතිපත්තිමය තිින්දු ක්‍රියාත්මක කිරිමට රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය වන්නා වු නිිති ප්‍රතිපාදන වල සංශෝධනයක් අද වන විට අවශ්‍ය විි තිබෙන බවත් රජ්‍ය නිළධාරින්ගේ ආරක්ෂාව පතා එය වහාම සංශෝධනය කල යතු බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවැසීය.

බලන්ගොඩ පින්නවල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසු අද (30) දා සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මෙසේද කිිය –

වහාම රජය මැදින් වෙලා මෙිි ආයතන සංග්‍රහ ,මුදල් රෙගුලාසි , සහ ඒ හා බැදි තිබෙන අනිකුත් අනපනත් සංශෝධනය කරලා ඒ රජයේ ප්‍රතිපක්ති නිදහසේ රජයේ නිළධාරින්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කල යුතුව තිබෙනවා. රාජ්‍ය නිළධාරින්ට ගැටලු ඇතිවන ආකාරයෙන් තිබෙන නිිති පද්ධතිය සංශෝධනය කරලා ඒ අයට පහසුකම් සලසන එක තමයි කරන්න අවශ්‍ය වෙන්නේ.

“පසු ගියදා රජයේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම දිසාපති වරැන් සමිබන්දයෙන් අමාත්‍යංශය චමල් රජපක්ෂ මහතා වෙත ලිපියක් භාර දිි තිබෙනවා. ඒකෙන් කියවෙන්නේ රජ්‍ය නිළධාරින් , දිසාපති වරැන් හා ඒ ආශ්‍රිත නිළධාරින් බාධා කරනවා කියන එක නෙවෙයි.ඒ අය සමග කටයුතු කිරිමෙිිදි එක එක ගැටලු මතු වෙලා තිබෙනවා.මෙම තත්ත්වය අපි සැලකිල්ලට භාජනය කරන්න ඔිනි.අද සමස්ථ රජ්‍ය සේවයටම අත්වෙලා තිබෙන ඉරනමට සාපේක්ෂව.

මොකද අපි දැක්කා 2019 ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපති වරයා විදිහට පත්වෙන කොට මෙිි භාරගත්තු රටෙි ජනාධිපති ලේකම් සිර ගතකරපු රටක්.සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ,සභාපති ඇතුළු කණ්ඩායම සිරගත කරපු රටක්.

රජයේ සේවයේ විදුහල්පතිවරැන්ට,ගුරැවරැන්ට,ප්‍රදේශිය ලේකම් වරැන්ට අමාත්‍යංශ ලේකම් වරැන්ට ආයතන ප්‍රධානිින් විශාල ගණනාවකට විමර්ශන සිදු කරමින් ,චෝදනා එල්ල කරමින් නඩු පවරමින් වි⁣ශේෂයෙන් ආරක්ෂක අංශයේ නිළධාරින්ට මෙිි වගේ කටයුතු සිදු වුනා. යහපාලන රජයෙ කාලයේ රාජ්‍ය සේවය තුල තිබිචිචි ඒ භිෂණයේ අදුරු සෙවනැලි තවමත් රජ්‍ය සේවයේ තිබෙනවා.

ඒ ආයතන සංග්‍රහය ,මුදල් රෙගුලාසි විටින් විට යහපාලන රජය විසින් ⁣ සංශෝධනය කරලා රජයේ නිළධාරින්ව භිිෂණයට ලක් කලා. එ කාලයේ අකර්මණ්‍ය වු රාජ්‍ය සේවයක් තමයි අද දක්නට තිබෙන්නේ .

ඒ නිසා රාජ්‍ය සේවය තුල ඉන්න නිළධාරින් බියක් දක්වනවා ඇතැම් අවස්ථාවදි දේශපාලන අධිකාරිය විදිහට ගනු ලබන ඇතැම් තිින්දු තිරණ ක්‍රියාත්මක කරන්න.ඒකට හේතුව තමයි පවතින නිිති රිිති රාමුව තුල එම තිරණ එම උපදෙස් ක්‍රියාත්මක කිරිමට ඔවුන්ට නිත්‍යානුකූල ප්‍රතිපාදන නොමැති කම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ නිත්‍යානුකූල ප්‍රතිපාදන ප්‍රමානවත් නොවිම වෙන්න පුළුවන්.එහෙම නැත්නම් දේශපාල අධිකාරිය දෙන ඒ උපදෙස් ඒ දෙන මග පෙන්විමි පිළිබද අපහැදිලි තාවයක් වෙන්න පුළුවන්.

උදාහරණයක් ලෙස ගත් විට ආයතන සංග්‍රහය කඩ විමට ,මුදල් රෙගුලාසි කඩ විමට ,රජයේ විගනන විමසුම් වලට මෙිි සියල්ලටම උත්තර දෙන්න ඔිනි රජ්‍ය නිළධාරින් . මෙිි කිසිවකට දේශපලානඥන් උත්තරය දෙන්නේ නැහැ. අපි කියනවා රජ්‍ය නිළධාරින්ට අරක කරන්න මෙිික කරන්න කියලා.අන්තිමට ඒවා ක්‍රියාත්මක කරපුවාම රජ්‍ය සේවකයින් අමාරවෙි වැටෙන්න ඉඩ තියෙනවා.දේශපලානඥන් විදිහට අපිට අවබෝධයක් තියෙන්නේ ඔිිනි මෙිි ආයතන සංග්‍රහ ,මුදල් රෙගුලාසි ඇතුළු නිිතිරිති රාමුව තුල ක්‍රියාත්මක කල හැකි දේවල් පමණ ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය නිළධාරින්ගෙන් ඉල්ලා සිටිමට යැයි ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.

– බලන්ගොඩ  සමිපත්  ප්‍රියනන්දන

28,446 views
Main News