දිසා මහ රෝහලේ සියළු සුළු සේවකයන් වර්ජනයේ..

August 16, 2018 at 5:30 pm | lanka C news
දිසා මහ රෝහලේ සියළු සුළු සේවකයන් වර්ජනයේ..

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සුලු සේවකයින් සියලුම දෙනා අසනීම නිවාඩු ගැනීම හේතුවෙන් රෝහලේ දෛණික කටයුතු වලට (16) භාධා පැමිනෙන ලදී.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට 352 සිටිය යුතුව ඇත.එහෙත් මේ වන විට 135ක් පමණක් සිටී.කණිෂ්ඨ සේවකයින්  තවත් 135 දෙනෙකු මෙම රෝහලේ කටයුතු කරගෙන යෑම සදහා මේ වන විට හිගව පවතී.

මේ හේතුවෙන් සේවකයින් ලබා දෙන ලෙස ඉල්ලා මීට මාස දෙකකට පමණ පෙර රෝහල් සේවකයින් විරෝධතා ව්‍යාපාරයක්ද සිදුකරන ලදී.එහිදී බලධාරීන් විසින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සදහා කණිෂ්ඨ සේවක සේවිකාවන් ලබාදෙන බවට පොරොන්දු උවද බලාපොරොත්තු වූ ආකාරයේ විසදුමක් ලැබී නොමැත.

එසේ තිබියදී ඇඹිලිපිටිය රෝහලේ බලධාරීන් පවා නොදැන සේවකයින් ස්ථාන මාරු කිරීම හේතුවෙන් මේ තත්වයට විරෝදය පාමින් රෝහල් සේවකයින් සියලු දෙනාම 16 දා අසනීප නිවාඩු වාර්තා කරන ලදී.මෙම විරෝධතාවය පැය 24ක් දක්වා සිදුකරන බව එම සේවක සංගමය පවසයි.

ඒ අනුව කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් සේවයට වාර්තා කර තිබුනේ නැත.එබැවින් දෛණිකව පවත්වන සායන කිසිවක් පවත්වන ආකාරය අපට දක්නට ලැබුනේ නැත.මේ හේතුවෙන් සායන සදහා පැමිණි රෝගීන් දැඩි අසරණ තත්වයට පත්වී සිටිනු දක්නට හැකි විය.වෛදය වරුන් රෝගීන් ඇතුලත් කිරීමේ කටයුතු සිදුකෙරිණ.

රෝගීන් ට්‍රොලි මගින් ප්‍රවාහනය කිරීම රෝගීන්ගේ අයිතිකරුවන් විසින්ම සිදුකරන ආකාරය දක්නට හැකි විය.

‍‍මෙසේ ලෙඩ නිවාඩු දමමින් විරෝධතාවය දක්වන සේවකයින් කියා සිටින්නේ ඇමිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩල හිගය පිරවිය යුතු බවත් සේවකයින් කිසිදු දැනුම්දීමකින් තොරව මාරුකර යවා නොයන ලෙසත්ය.

මීට පෙර අවස්ථාවක මේ තත්වය නිරීක්ෂණය කිරීම සදහා සබරගමුව පලාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැමිණ රෝහලේ සේවක ගැටලුව විසදන බවත් රෝහලේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉක්මන් කරන බවත්ය.

මේ සම්බන්ධයේන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී නේපුල් ධර්මතිලක මහතා කියා සිටියේ මේ සේවිකාව මාරුකරන ක්‍රමයට නෙවෙයි මාරුකරල තියෙන්නේ,කොහොමවත් මේ යන විදියට මෙම රෝහලේ සේවකයකු මාරුකරන්න බැහැ.මේ සේවකයන් නැතිව රෝහක් කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.අපේ රෝහලේ සේවක මණ්ඩලයේ විශාල හිගයක් තිබෙනවා.

– ප්‍රගීත් ජනක

59 views
Main News