දිළිදු මවකට දියණියකට පොලිසිය විසින් අංග සම්පුර්ණ නව නිවසක් ඉදි කර ලබාදෙයි..
December 15, 2018 at 5:30 pm | lanka C news
ගිනිගත්හේන පොලිස් වසමට අයත් කැළණිගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලමඅංග සම්පුර්ණ නිවසක් ඉදි කර එම නිවස එම අඩු ආදායම් පවුලට ලබාදිම හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු කෙරිණ.
ගිනිගත්හේන පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා විසින් ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක මුල්‍ය අනුග්‍රහයෙන් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස ඉදි කර එම අඩු ආදායම් පවුලට අද ලබා දෙනු ලැබුවා.
මෙම වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන කැළණිගම සිංහල වවිදුහලේදි ප්‍රදේශයවාසින් වෙනුවෙන් කැළණිගම සිංහල විදුලහලේදි ජංගම සේවයක්ද පැවැත් වු අතර එම ජංගම සේවය මගින් රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සහය ඇතිව බෝ නොවන රෝග පිලිබද දැනුවවත් කිරිමේ සායනයක් දන්ත සායනයක් ,ආයුර්වේදි වෛද්‍යවරුන්ගේ සහය ඇතිව අයුර්වේද සායනයක් සහන මිලට ඇස් කණ්ණාඩි ලබා දිමේ වැඩසටහනක් 2019 නව පාසල් වාරය සදහා පාසල් පොත් ලබාදිමේ වැඩසටහන් හා ආබාධිත අය වෙනුවෙන් රෝද පුටු සහ කිහිල් කරු ලබාදිමේ වැඩසටහනක්ද මෙම ජංගම සේවය මගින් සිදු කරනු ලැබුවා
– හැටන් රංජිත් රාජපක්ෂ
ජනතාව හිගන බවට පත්කළේ එජාපය රජයයි චන්දය දීමෙන් වලකින්න
ඡන්දය දෙන්න ඡන්දයක් තියන්න එපායැ. තවත් ඡන්ද නැහැ ලංකාවට. හෙට අනිද්ද රට කෑලි වලට කඩල දුන්නම ඒ ඒ රටවල නම් ඡන්දෙ තියයි.
සිංහලේ සිංහලයන් මේ තත්වේ ඉන්නේ කාගේ වරදින්ද?
මෙහෙමයි, පොලිසිය ඉන්නේ මිනිසුන්ට ගෙවල් හදන්නද? නිතිය සහ සාමය ලබා දෙන්නද?
උතුරේ ආරක්ෂක කලාප වලට දකුණු ඉන්දියානු සරණාගතයන් ගෙනවිත් ඉඩම් ගෙවල් සාදාදෙන මේ රජය ලංකාවේ දුප්පත් පවුල් වලට සලකන අන්දම ජනතාව හොදින්ම දන්නවා .
එක් පවුලකට පොඩි ගෙයක් සැදීම එතරම් ලොකු සේවයක්ද ? මේ සේරම දේශපාලන වෙළද දැන්වීම්
Mewa hari pin wada.
තමුන්නැහේගේ Comment එක ඇත්ත වෙන්ට පුලුවන් නමුත් නිවසක අගය දැනෙන් නිවසක් නැති කෙනෙකුටයි.