දි.මු ජයරත්නට කිසි සදාචාරයක් නෑ.. රත්නසිරිගේ අවමගුල අස්සේ දැඩිව දොස් පවරමින් විදුර මාධ්‍ය හමුවක..

December 30, 2016 at 10:40 am | lanka C news
දි.මු ජයරත්නට කිසි සදාචාරයක් නෑ.. රත්නසිරිගේ අවමගුල අස්සේ දැඩිව දොස් පවරමින් විදුර මාධ්‍ය හමුවක..

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා රෝගාතුර වී අසාධ්‍ය තත්වයේ සිටි තම පියා බැලීමට රෝහලට ගොස් ඔහුගේ පින්තූරයක් ගැනීමත් එය මාධ්‍යයට මුදා හැරීමත් සචාදාර විරෝධී බවත් ඊට දැඩි විරෝධය පල කර බවත් අභාවප‍්‍රාප්ත රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රනායක මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපතිතිනි චන්ද්‍රිකා කුමාරතුංගද තම පියා බැලීමට රෝහලට ගියත් පින්තූර නොගැනීමට තරම් සදාචාරසම්පන්න වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

රෝගීන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ මීට වඩා ගෞරවයක් දෙන්නැයිද ඔහු මාධ්‍ය වෙතින්ද ඉල්ලීමක් කලේය.

121 views
Main News