දුං විසිවෙන්න කැබිනෙට්ටුවේ කල කතාව ජනපති ඇල්පිටියේදි ප‍්‍රසිද්ධ වේදිකාවේදීත් කරයි.. බැදුම්කර හොරු නට්ටං..[Video]

January 17, 2018 at 11:04 pm | lanka C news
දුං විසිවෙන්න කැබිනෙට්ටුවේ කල කතාව ජනපති ඇල්පිටියේදි ප‍්‍රසිද්ධ වේදිකාවේදීත් කරයි.. බැදුම්කර හොරු නට්ටං..[Video]

තමන් විසින් ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ධම්ම පදයෙන් දේශනාවක් කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මහජන දේපල ගසාකෑම, ආණ්ඩුවේ බැංකුවල සල්ලි හොරකම් කිරීම අකුසල් බවද පහදමින් තමන් විනාඩි 30-35ක පමණ දේශණයක් සිදු කල බවද ඒ මහතා කීය.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ ගාල්ල ඇල්පිටියේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.

තමන් ඒ කතාව කර තේකක් බීම සදහා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගොස් පසුව යලි පැමිණ බවද ඒ මහතා සදහන් කලේය.

‘මේ රටේ ඉතිහාසයේ ලොකුම මංකොල්ලය මහබැංකු බැදුම්කර මංකොල්ලයයි. ඒ මංකොල්ලෙ හොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත් කෙරුවෙ. ඒකේ වාර්තාව ගිය සතියෙ මට ලැබුන. ඒක ඔපරේෂන් වන්. මං අද දවාගෙ ඔපරේෂන් ටූ ක‍්‍රියාත්මක කරලයි ඔබතුමන්ල හම්බවෙන්න ආවෙ’ යයිද ජනාධිපතිවයා එහිදී කීවේය.

නීතිපතිවරයා, අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා ඇතුළු ප‍්‍රධානීන් කැදවා මෙම බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ඉහලම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුනට දැන්වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

2 views

28 Comments to “දුං විසිවෙන්න කැබිනෙට්ටුවේ කල කතාව ජනපති ඇල්පිටියේදි ප‍්‍රසිද්ධ වේදිකාවේදීත් කරයි.. බැදුම්කර හොරු නට්ටං..[Video]”

  1. Nandasoma says:

    බැදුම්කර හොරු නට්ටං වී නැත. බැඳුම්කර වාර්තාව සති 2ක් තුළ ආණ්ඩුවෙන් විකෘති කර ඇති අතර එහි කොතනකවත් රනිල් වික්‍රමසිංහගේ නමවත් සඳහන්ව නැත.
    යූ ඇන් පී එකෙන් ආයෙමත් කමිටුවක් දානවලු…..
    පුදුම යහපාලනයක් නේද?

    හොරු වෙනුවෙන් හොරුම කමිටු දාගන්නව…!

  2. Nandasoma says:

    ඉතින් එයාමනේද රජය විසුරුවල දාල, රනිල් ඇතුලු හොර නඩය බේර ගත්තෙ….!
    එයින් පස්සෙනෙ දිගටම මහ බැංකුව මංකොල්ල කෑම සිදුවුනේ…!!
    ඒකනෙ ජනාධිපතිට ආණ්ඩුව විසිරවීමේ බලය අහිමි උනේ..!!!

  3. Critic says:

    He thinks all Sri Lankans are fools.This is only a Drama between RW & MY3 so as to decevie all voters.

  4. Kolitha says:

    Operation 1 eken aanduwa wisiruwa hariya eda…me sare mona atamagalayak hari karala ponila beraganiy……api nodanna chess…!

  5. රාහුල මල්ලී says:

    නිදහස් පක්ෂය පොදුඡන පෙරමුණට දෙවෙනි වුනොත් ඡනපතිගේ ආණ්ඩුවේ නායකත්වය කෙසේ වෙතත් පක්ෂ නායකත්වය අර්බුදයකට යනවා… මේ වෙලාවේ බැඳුම්කරෙන් උපරිම වාසි ගන්නේ පොදුඡන පෙරමුණට වැඩිය එක චන්දයක් හරි නිදහස් පක්ෂයට ලබා ගන්න… අපිට තේරෙන දේශපාලන ගේම මේකයි… හැබැයි බැඳුම්කාර වංචාව උඩ චන්දෙට කලින් අගමැතිව අයින් කලොත් නිදහස් පක්ෂය පොදුඡන පෙරමුණට පරදින්නේ නෑ…

  6. විශ්ලේෂකයා says:

    දැන් මේ කියන සැර කතා හැම එකක්ම.. අගමැතිව බේර ගන්න මං පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලා ඡනපති මුලින් කියපු කතාවෙන් නිශේධ වෙනවා.. මිනිස්සුන්ට ඒක කතාව මතක තියෙනවනං විතරක් ඇති….

  7. samuvel says:

    දැනට පෙන්වන නාටකය , අඩ්‍යක්ශක වරුන්ගේ මත ගැටුම් නිසා නලුවන්ට ඔනෑ ආකාරයට ඇදී යයි.එහෙත් රැඳී සිටින්න අප සමඟ. නව තාක්ශනය සමඟ ” ඔබ රැවටුනා ” නාටකය, පෙන්වන්නේ ෆෙබ් 10 සිට ….

  8. podivije says:

    මෙිවා චන්දෙ එනකමි විතරයි රැවෙටෙන්න එපා සිරාට මුතමයි මෙ ඔක්කොටම මුල මු එදා රට මුලාකලේ දවස්100 යෙන් රටෙ දුෂනය නවතනවා කියලා කරාද ? නැ ඒවෙනුවට කරපු ඒවා දැන්කවිරැත් දන්න නිසා අයිත් නමි මු නෙවෙයි මුගේ හත්මුතු පරමිපරාවෙ එකෙකුටවත් චන්දෙ දෙන්න නමි එපා!

  9. Truth says:

    Election magic talks.. NATO (no action , talk only).

  10. NAK says:

    This is called electioneering! He is all out to save his face in the upcoming election.

Main News