දුම්කොල සමාගම මෙරට ආයෝජන අත්හිටුවන බව දන්වයි..

January 27, 2017 at 5:30 pm | lanka C news
දුම්කොල සමාගම මෙරට ආයෝජන අත්හිටුවන බව දන්වයි..

ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකාව ඖෂධ මිල පාලනය කිරිම ආරම්භ කළ පසුව ඇමරිකාව ඖෂධ මිල පාලනය කිරිම ආරම්භ කර තිඛෙනවා. ඇමරිකාවෙි වත්මන් ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප් එම වැඩපිළිවෙල ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශ කළා. රජකම නැති නම් වෙදකම කියා අපගේ ඉතිහාසයේ ප්‍රකට කියමනක් තිඛෙනවා. ඈත අතීතයේ එක් වෛද්‍යවරයෙකුට එක් හෙදිය බැගින් සිටියත් අද එම ඉළක්කය සපුරා ගැනීමට නොහැකි වී තිඛෙනවා. රෝගී ජනතාවට ප්‍රතිකාර කිරීමෙන් නොමිලේ පිං ලැඛෙනවා.

ඖෂධ මිල පාලනය කිරීමෙි දී මිීට වඩා අර්බුදයක් ඇති වෙයි කියලා මම හිතුවා. මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ මිල නියාමනය කිරීමට යාෙමි දී ඔහුට මුහුණදීමට සිදු වූ දුක් ගැහැට අපටත් සිදුවෙයි කියා සිතුවා. නමුත් අපි අවශ්‍ය තරම් ඖෂධ තොග රැස්කර තබා ගනිමින් මිල නියාමනය සිදු කළා. දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිඛෙනවා. රුපියල් බිලියන 60 ක ඖෂධ ලංකාවට ආනයනය කරනවා. එමගින් බිලියන 30 ක ඖෂධ රජය මගින් ආනයනය කරන්නේ. ඖෂධ මිල අඩු කිරීමෙන් මිලියන 06 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතිරි කර ගැනීමට හැකිවුනා. දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීමෙි දී විවිධ ගැටළුවලට මුහුණදීමට සිදු වුනා. දුම්කොළ සමාගම ශ්‍රී ලංකාවෙි ආයෝජන අත්හිටුවන බව ප්‍රකාශ කළා. නමුත් එම සමාගම අදටත් දුම්වැටි අලෙවි කරනවා. ඖෂධ මිල අඩු කිරීෙමි දී බහුජාතික සමාගම් වසා දමන්න වෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් වසා දැමුනේ නැහැ. ඖෂධ මිල අඩු කිරිම තුළින් සමාජ කතිකාවක් නිර්මාණය වී තිඛෙනවා. ඖෂධ සමාගම් මොන දේ ප්‍රකාශ කළත් එම සමාගම්වල අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් හොද කථිකාවතක් ඇති කිරීමට පියවර ගත්තා. එම අලෙවි ප්‍රවර්ධන නිලධාරි සමාගම්වල තොරතුරු අපට ලබාදෙනවා. ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල ඉදිරියේ දී තවත් අඩු කරනවා. ඖෂධ වැරදි ක්‍රම වලින් ශ්‍රි ලංකාවට පැමිණීම වර්තමානයේ අවම වී තිඛෙනවා. ඒ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරිම නිසා. එමෙන්ම ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් සිටින්නේ සීමිත නිලධාරින් පිරිසක්. ඔවුන් ඉටු කරන සේවය ඉතා වැදගත්. එම තනතුරේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරනවා.

අක්ෂි කාච ජාවාරම නැති කිරීමටත් පියවර ගන්නවා. අක්ෂි කාච ජාවාරම ගැන තොරතුරු ලබා දුන්නෙත් අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් එම තොරතුරු පදනම් කර ගනිමින් සිදු කළ සොයා බැලීමෙි දී එහි ජාවාරමක් සිදුවන බව අනාවරණය වුනා. රුපියල් 6000 කට ඉන්දියාවෙන් ආනයනය කරන අක්ෂි කාච රුපියල් 30,000 කට දේශීය වෙළෙදපොලේ අලෙවි කරනවා. ලබන සතියේ දී අක්ෂි කාච මිල රුපියල් 20,000 කින් අඩු කිරීමට පියවර ගන්නවා. ඇතැම් වෛද්‍යවරුන් ද අක්ෂි කාච අලෙවි කිරීමට, ආනයනය කිරිමට කටයුතු කර තිඛෙනවා. ඒ පිළිබද තොරතුරු මගේ ලග තිඛෙනවා. අක්ෂි කාච විදේශිය රටවලින් ආනයනය කිරීමෙි දී ශ්‍රී ලංකා රේගුවෙන් බදු අය කරන්නේ කිලෝග්රැමයක බර සළකා බැලීමෙන් පසුවයි. එම නිසා අලෙවිකරුවන්ට විශාල ලාභයක් තිඛෙනවා. ඉදිරියේ දී ජනතාව වෛද්‍යවරු අගය නොකරන තත්ත්වයකට පත් වෙනවා.”

මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ කැපවීම අගය කරමින් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට උපහාර තිළිණයක් ද පිරිනමන ලදි.

– නිපුන් ඒකනායක

28 views
Main News