දුම්කොළ වගාව අවම කිරීමෙි තීරණයෙන් පසු දුම්කොළ වගා කරන බිම් හෙක්ටයාර 300 කින් අඩුවෙයි…

April 12, 2017 at 2:06 am | lanka C news
දුම්කොළ වගාව අවම කිරීමෙි තීරණයෙන් පසු දුම්කොළ වගා කරන බිම් හෙක්ටයාර 300 කින් අඩුවෙයි…

දුම්කොළ වගා කළ රටවල් විකල්ප වගා ක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබදව ශ්‍රී ලාංකික ගොවි ජනතාව දැනුවත් කිරීමෙි රැස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි.

දුම්කොළ වගාව අවම කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ශ්‍රී ලංකාවෙි හෙක්ටයාර 2500 ක පමණ දුම්කොළ වගා කර ඇත. රජය විසින් දුම්කොළ වගාව අවම කිරීමට තීරණය කිරීමෙන් පසු දුම්කොළ වගා කිරීම දැනට හෙක්ටයාර 300 කින් අඩු වී ඇති බව මෙම රැස්වීමෙි දී අනාවරණය විය. දුම්කොළ වගාව අවම කරමින් ගොවි ජනතාව සෝයා, කෙසෙල්, ගම්මිරිස් වැනි වගාවන් කෙරෙහි යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ සදහා ගොවි ජනතාව අතර සමීක්ෂණයක් ද ආරම්භ කර තිබෙි.

මෙම රැස්වීම අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “උතුරුමැද, උතුර සහ ඌව පළාත්වල ජනතාව දුම්කොළ වගා කරනු ලබනවා. ඔවුන් ජීවත් වන්නේ දුම්කොළ වගාවෙන් ලැඛෙන ආදායමෙන්. එම ජනතාව සදහා විකල්ප වගාවන් හදුන්වා දිය යුතුයි. එමගින් අප රටේ බෝනොවන රෝග අවම කර ගත හැකි වෙනවා. දුම්පානයෙන් ශ්‍රී ලාංකිකයින් 25000 ක් පමණ වාර්ෂිකව මියයනවා. ඔවුන්ගෙන් සියයට 5 ක් අප්‍රාණික දුම්පානය හේතුවෙන් මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කරන්නේ දුම්පානය අවම කිරිමට නම් දුම්කොළ වගාව අවම කර ගොවීන්ට විකල්ප වගාවන් හදුන්වා දිය යුතු බවයි. මෙි සදහා සැළැස්මක් සකස් කිරීමට සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව කටයුතු කරන ලබනවා.”

මෙම අවස්ථාවට දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අෙබිකෝන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වුහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

4 views
Main News