දුම්රියක වෑන් රියක් හැපේ.. දෙදෙනෙක් මරුට.. 13ක් රෝහලේ..
October 30, 2017 at 8:06 am | lanka C news
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුමරියක වෑන් රියක් ගැටීම නිසා වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු මිය ගොස් ඇත. තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ මීටියාගොඩ දළුවතුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදීය.
වෑන් රථය ගෙට්ටු තම අණ නොතකා ධාවනය කලේ යයි ගෙට්ටු මුරකරු කියයි.
මේ වන විට වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.