දුම්රියට පැන සයදරු මව සිය දිවි නසා ගනී…
January 14, 2021 at 12:40 pm | lanka C news
හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වු සේවා දුම්රියකට පැන සය දරු මවක් (13) දින සිය දිවි හානි කරගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ එස්.මාරිඅම්මා නැමති 72 හැවිරිදි සයදරු මවකි.
හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වු සේවා දුම්රියට හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සයදරු මව ධාවනය වෙමින් තිබු දුම්රියට පැන ඇති බව එම දුම්රියේ නියාමකවරුන් විසින් තමන් හමුවේ සාක්ෂි ලබාදුන් බවයි මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය පැවැත් වු හැටන් හදිසි මරණ පරික්ෂක ඒ.ජේ.එම්.ෆසිර් මොහාමඩ් මහතා කියා සිටියේ.
දුම්රියට පැන සියදිවි හානිකරගත් සයදරු මව මිට ප්‍රථමද දුම්රියේ ගැටි එක් පාදයක් අහිමි වු කාන්තාවක් බවත්,ඇය (13) දින උදැසන තම දරුවන් සමග ඇති වුවේ යැයි කියන ආරවුලක් සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව හැටන් නගරයට පැමිණ හැටන් මල්ලුඅප්පුව ප්‍රදේශයෙන් දුම්රිය ධාවනය විමට ප්‍රථම දුම්රිය මාර්ගය දිගේ පහලට ගමන් කරන අයුරු දුම්රිය සේවකයන් විසින් දැක ඇති බවද ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා පැවසිය.
දුම්රියට පැන සිය දිවි හානිකරගත් කාන්තාවගේ සිරුරේ කොටස් දුම්රිය මාර්ගයේ විසිරි තිබු අතර එම සිරුරේ කොටස් හැටන් පොලිසියේ නිලධාරින් විසින් එකතු කර හදිසි මරණ පරික්ෂකවරයාගේ නියෝගය මත සිරුරේ කොටස් පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරිය වෙත යොමු කෙරිණ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Only one person is wearing a face mask in the crowd..she committed suicide and these people are doing something similar too.
මත්පැන් වල විපාක
මේ වගේ නිවුස් වලට කවුරුත් කමෙන්ට් එකක් ලියන්නෙ නැහැ එච්චරට අපේ මනුස්සකම පිරිහිලා ද? කවුරු වුණත් අසරණ මනුස්සයෙක් ජීවිතයක්. ඔබට නිවන් සුව.