දුම්රියෙන් ප්‍රවාහනය නොමිලේ…

December 26, 2021 at 6:14 am | lanka C news
දුම්රියෙන් ප්‍රවාහනය නොමිලේ…

සති අන්ත නිවාඩුව සහ (25) දිනට යෙදි ඇති නත්තල් දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් (25) දින පැමිණියහ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන නිසා දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන් ප්‍රවේශපත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණ සිටිහ.

(24) දිනයේද උඩරට මැණිකේ සහ පොඩි මැණික් දුම්රියෙන් ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එම පිරිසටද දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකල බවයි දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,775 views

3 Comments to “දුම්රියෙන් ප්‍රවාහනය නොමිලේ…”

  1. අනේ මෙහෙම රටක් says:

    රටට ආදරේ කරන්න කලින් තමන්ගේ ආයතනයට ආදරේ කරන අය ආයතනයට ගන්න කලින් නොබලපු වැරැද්ද?

  2. SL says:

    කාල කන්නි බල්ලො.ජේ ආර් ගෙ උත්තරේ තමා හොදම

  3. සවාධීන says:

    ගොබිබ රටක්. රජයේ දුම්රියේ නොමිලේ ගමන් කරන්න දෙන රටක් දියුණු වෙයි ද? වැටිල ඉන්න අගාධය මදිද මේ රට,?

Main News