දුම්රියේ ගව රැලක් හැප්පේ..

November 1, 2019 at 2:02 am | lanka C news
දුම්රියේ ගව රැලක් හැප්පේ..

තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියකට ගව රැලක් වැදීම හේතුවෙන් ගවයින් සිව් දෙනෙු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

තලෙයිමන්නාරම් හා මැදවච්චිය අතර පිහිටි ඉසේමාලත්තාල්වූ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේදී ගවරැලක් එකවරම දුම්රිය මාර්ගය හරහා දිව යාමට ගත් උත්සහයකදී ගවයින් දුම්රියේ ගැටී ඇත.

දුම්රියේ ගවයින් ගැටීම හේතුවෙන් දුම්රියද මද වේලාවක් එම ස්ථානයේ නවතා පසුව නැවත දුම්රිය ධාවන කටයුතු සිදුව ඇත.

දුම්රයේ ගවයින් වැදීමෙන් තුවාල සිදුවූ ගවයින් කැලෑවැදී ඇති අතර එම ප්‍රමාණය මෙතෙක් ගණනය කොට නොමැති අතරම ගවයින් ඇතිකරන්නේනම් අයිතිකරුවන් විසින් ආරක්ෂාකාරීව රැකබලගත යුතු බවටද ප්‍රදේශවාසීන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42 views

One Comment to “දුම්රියේ ගව රැලක් හැප්පේ..”

  1. Mahesh Perera says:

    ෂුවර් එකටම සජියගෙ සෙට් එකක්

Main News