දුම්රියේ ගැටනු යතුරුපැදියේ ගිය තරුණයින් දෙදෙනාම මිය යයි..

August 23, 2018 at 8:40 am | lanka C news
දුම්රියේ ගැටනු යතුරුපැදියේ ගිය තරුණයින් දෙදෙනාම මිය යයි..

යාපනය, චාවකච්චේරි,සංගතානෙයි ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ  සිදුවු දුම්රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පැවසීය.

චාවකච්චේරි පොලීසිය පැවසූවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියට සංගත්තානෙයි අරසඩි මන්සන්ධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රිය හරස්මාර්ගයෙන් ගමන් කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ යතුරුපැදිය ගැටීමෙන් මෙම  අනතුර සිදුව ඇති බවයි.

මෙම දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වන අතර  අනතුරින් වයස අවුරුදු 22 ක් වු මාර්කන්ඩු සුලක්ෂන් නමැති තරුණයෙකු හා වයස අවුරුදු 23 ක් වු මහාදේවන් සුජීවන් නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියා සිටියේය.

පොලීසිය පැවසූවේ අනතුරින් අදාළ තරුණයින්ගේ ශරීරය කොටස් කිහිපයකට වෙන්වි ඇති අතර, අදාළ ස්ථානයේදීම තරුණයින් දෙදෙනාම  ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මළ සිරුර යාපනය චාවකච්චේරි රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48 views