දුම්රියේ ගැටි ගේට්ටු මුරකරු ජිවිතක්ෂයට….

November 21, 2019 at 2:05 am | lanka C news
දුම්රියේ ගැටි ගේට්ටු මුරකරු ජිවිතක්ෂයට….

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි ගෙට්ටු මුරකරුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදි ගෙට්ටු මුරකරු දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය කියා සිටියේය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එස්.මොගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි.

දුම්රිය හරස් ගෙට්ටු මුරකරු දුම්රිය පැමිණෙනවාත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් ගෙට්ටුව වසා පැමිණෙවාත් සමග දුම්රියේ ගැටිමෙන් අනතුරු ඔහුගේ හිස අඩි කිහිපයක් ඉදිරියට විසි වි තිබු බවත්,කද දුම්රියේ රැදි තිබු බවත් පොලිසිය පැවසිය.

දුම්රියේ ගැටුණ ගෙට්ටු මුරකරුගේ සිරුර පොඩි මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වු ගෙට්ටු මුරකරුගේ නිල නිවසද එ ආසන්නයේම පිහිටා ඇති අතර ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණාද නැත්නම් දුම්රියට පැන සිය දිවි නසා ගත්තාද  යන්න පිලිබදව පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,998 Viewers
Main News